"දැන් අර දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාගේ නම කියවුණා වෙලේ සුදාගේ කාරණයේදි. මම රජයට අභියෝග කරනවා වෙලේ සුදාගේ කට උත්තරයේ කියවුණු සේරම නම් එළියට දෙන්න කියලා.
රටට දෙන්න වෙලේ සුදා මොකද කිවේ කියලා. පුළුවන් නම් කට උත්තරයම දෙන්න ප්‍රසිද්ධ ලියවිල්ලක් හැටියට. පුළුවන් නම් මම අභියෝග කරනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශකට පුළුවන් නම් කියන්න වෙලේ සුදා කියලා තියෙන අනිත් නම් ටික.
වැලිගම ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී මාතර දිස්ත්‍රික් (එ.ජ.නි.ස) පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේ වෙළේ සුදා සම්බන්ධයෙන් ආරම්භ වී ඇති විමර්ශන ජනතාව මුලා කිරීමක් මිස මත්කුඩු මැඩලීමේ සැබෑ වුවමනාවකින් සිදු කරන්නක් නොවන බවයි.
මීට ප්‍රතිචාර දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහන මහතා පැවසූවේ අවසන් නොවූ විමර්ශනයක් සම්බන්ධයෙන් සියලූ තොරතුරු රටට හෙළි කළ නොහැකි බවය. සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා සම්බන්ධයෙන් විමර්ශන තව දුරටත් පැවැත්වෙන බවද හෙතෙම පැවසීය.

No comments:
Post a Comment