මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ලබන 26 වනදා රත්නපුරයේ පැවැත්වෙන ජන රැලිය සදහා මහින්ද රාජපක්ෂ සහභාගිවීමට නියමිත බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මර්ග පවසයි.
මහින්ද රාජපක්ෂ අගමැති කිරීම වෙනුවෙන් මූලික අඩිතාලම දැමීම විමල් වීරවංශ ,උදය ගම්මන්පිල ,වාසුදේව නානයක්කාර සහ දිනේෂ් ගුණවර්ධන යන මන්ත්‍රිවරුන්ගේ මූලික සහයෝගය මතසිදූවූ අතර දැන් එය ඉතාමත් සාර්ථක වෙමින් පවතී.
මහින්ද රාජපක්ෂ යන යන තැන්වලට විශාල ජනකායක් වැළ නොකැඩි ගලා ඒමත් සමගින් එදා මහින්දට විරුද්ධ වූවෝ පවා දැන් දැන් මහින්දට උදව් කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
මේ අතර ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ඉල්ලීම පරිදි මහින්ද රාජපක්ෂ නැවත වරක් දේශපාලනයට පිවිසීමට තීරණය කර තිබේ.හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඉදිරි සතියේදී ශ්‍රී ලංකා කම්කරු පක්‍ෂ නායක ඒ. එස්. පී. ලියනගේට අයත් රාජගිරියේ පිහිටි "පීකොක්" මන්දිරයේ පදිංචියට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
භූමි භාගයකින් සමන්විත දියවන්නාඔය අසබඩ පිහිටි මෙම මන්දිරය හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් කටයුතු සඳහා භාවිත කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
Friday, March 20, 2015
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment