තමිල්නාඩු ධීවරයින්ට වෙඩි තබා ඝාතනය කිරීමට අයිතියක් ඇති බවට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කල ප්‍රකාශයට විරෝධය දක්වා උද්ඝෝෂණයක් පවත්වන බව දකුණු ඉන්දීය සිනමා නළු සරත්කුමාර් ප්‍රකාශ කර තිබෙන බව තමිල්වින් වෙබ් අඩවිය සදහන් කරයි.
දකුණු ඉන්දීය සිනමා නළු සරත්කුමාර් ඊයේ(19) වන දින නිකුත් කල මාධ්‍යය නිවේදනයේ මේ බව සඳහන් කර ඇති බව ඉන්දීය මාධ්‍යන් සදහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කරන තමිල්නාඩු ධීවරයින්ට වෙඩි තබා ඝාතනය කිරීමට අයිතියක් ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෑතකදී ඉන්දීය මාධ්‍යයන් වෙත අවස්ථා දෙකකදී අදහස් ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයාගේ මෙම අහංකාර ප්‍රකාශයට විරෝධය දක්වා චෙන්නායි නූංගම්පාක්කම් හි පිහිටි ඉන්දියාව සදහා වන ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වටලා 2015.03.23 වන දින උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත බව තමිල්නාඩුවේ ‘සමානතා ජනතා පක්ෂයේ’ නායක ආර්.සරත්කුමාර් ප්‍රකාශ කර ඇත.
“කුඩා මුහුදු සීමාවක් පිහිටා ඇති හේතුවෙන් ඉන්දීය ධීවරයින්, මුහුදු සීමාව උල්ලංඝනය කර, මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවීම ස්භාවිකව සිදුවීමකි. ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා නැවත නැවතත් මෙවැනි අදහස් ප්‍රකාශ කිරීම, ඉන්දියානුවන් කෝපයට පත්කරවීමේ ක්‍රියාවක් ලෙස අදහස් කල හැකිය.
ශ්‍රී ලංකාව ඉන්දියාව සමග යහපත් මිත්‍රතත්වයක් ඇතිබව පෙන්වමින්, තවත් පසෙකින් රඟපෑමක් කරමින් වෛරයකින් කටයුතු කරමින් සිටින බව පෙන්වාදිය හැකිය.
ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩිලෙස හෙළාදැකිය යුතු අතර, ශ්‍රී ලංකාවට බරපතල අනතුරු ඇඟවීමක් සිදුකරන මෙන් ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා සිටින්නෙමු” යනුවෙන් එම නිවේදනයේ සදහන් කර තිබේ.
Friday, March 20, 2015
රනිල්ට එරෙහිව නළුකැල මහා පාරට
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment