අරාබි ඊශ‍්‍රායල ජාතිකයෙකු ඝාතනය කරන වීඩියෝවක දැක්වෙන ළමා ISIS ඝාතකයා ඔහුගේ පාසල් මිතුරන් විසින් හඳුනාගෙන ඇතැයි වාර්තා වේ. මෙම ළමා ත‍්‍රස්තවාදියා වයස අවුරුදු 12ක පමණ දරුවකු බවත් ඔහු ප‍්‍රංශයේ ටූලූස්හි දිවිගෙවා ඇති බවත් පැවසේ.
ප‍්‍රාදේශීය පාසල් පරීක්‍ෂක ජාක්ස් කැයිලෝ පවසා ඇත්තේ අදාළ දරුවාගේ අනන්‍යතාවය නිල ලෙස අනාවරණය කිරීමට නොහැකි බවයි. පාසල් ශිෂ්‍යයින් විසින් ඔහු සිය පාසල් මිතුරකු බව හඳුනාගෙන ඇති නමුත් අදහස් දැක්වීමේදී පරීක්‍ෂාකාරී වීම අත්‍යවශ්‍ය බව කැයිලෝගේ අදහස වී තිබේ.
මාර්තු 10වනදා පළකර ඇති මෙම වීඩියෝව තුළදී මොහොමඞ් සයිඞ් ඉස්මයිල් මුසල්ලාම් ලෙස තමන් හඳුන්වාගන්නා 19 හැවිරිදි තරුණයකු ළමා ත‍්‍රස්තවාදියා අසල දණ ගසා ගෙන සිටින අතර තමන් ඊශ‍්‍රායල බුද්ධි අංශ සඳහා සේවය කළ චරපුරුෂයකු බව ඔහු පාපොච්ඡරණය කරනු දැක්වේ.
දරුවා අසල සිටින තවත් ISIS සාමාජිකයකු ප‍්‍රංශ යුදෙව්වන්ට තර්ජනය කරන අතර ඔහු ටූලූස් ඌරුවෙන් ප‍්‍රංශ බස හසුරුවන බව ප‍්‍රංශ මාධ්‍ය වාර්තා කර තිබේ. අවසානයේදී අල්ලාහු අක්බර් යයි පවසමින් දරුවා විසින් සිරකරුගේ හිසට පිස්තෝලයකින් වෙඩි තබනු ලබයි.
වැඩිහිටි ISIS සාමාජිකයා සබි‍්‍ර එසිඞ් බවට නිල නොවන ආරංචි මාර්ග විසින් අනාවරණය කර ඇති අතර ළමා ත‍්‍රස්තවාදියා ඔහු සමග පසුගිය වසරේදී සිරියාවට ගිය ඔහුගේ බිරිඳගේ කලින් විවාහයක දරුවා බව පැවසේ.
Wednesday, March 18, 2015
ළමා ISIS ඝාතකයෙකු පාසල් මිතුරන් විසින් හඳුනාගැනේ
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
.jpg)
No comments:
Post a Comment