2015 දකුණු ආසියානු ආයෝජන සමුළුව අප්‍රේල් 26 සිට 28 දක්වා කොළඹ ගලධාරී හෝටලයේ දී පැවැත්වීමට කොළඹ කොටස් වෙළඳ පොළ (CSE), දකුණු ආසියානු කොටස් හුවමාරු එකමුතුව (SAFE) හා එක්ව සැලසුම් කර ඇත.
කලාපයේ ප්‍රාග්ධන වෙළඳපොළ නිර්මාණය කරගැනීමටත් ආයෝජන දේශසීමා ලැයිස්තුගත කිරීම සඳහා හිතකර පරිසරයක් ගොඩ නඟා ගැනීමටත් ඒ තුළින් දකුණු ආසියාවේ ආර්ථික ඒකාබද්ධ ක්‍රියාවලිය කඩිනම් කිරීමත් මෙම සමුළුවේ අරමුණු අතර වේ.
දේශසීමා හරහා ලැයිස්තුගත කිරීම් , නියාමන අනුකූලත්වය තත්වයන් මගින් වාසි අත් කරගැනීම හා ආර්ථිකය වර්ධනය කටයුතු සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේ කොටස් හුවමාරු භූමිකාව පිළිබඳ සාකච්ඡා කිරීමට ආයෝජන ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයතන, ආයෝජන විශේෂඥයන් සහ නියාමන හා වෙළෙඳපොළ ප්‍රධානීන් සඳහා විශේෂ අවස්ථාවක් ලෙස දකුණු ආසියානු වෙළෙඳපොළ තුළ ආයෝජනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත්, ලෝක බැංකු දත්ත වලට අනුව 2000 හා 2012 අතර 6.7% ක් සාමාන්‍ය වර්ධනයක් වාර්තා වූ කලාපයේ පවත්වන දකුණු ආසියානු ආයෝජන සමුළුව හැදින්විය හැක.
– news.lk
Wednesday, March 18, 2015
දකුණු ආසියානු ආයෝජන සමුළුව කොළඹ දී
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment