ඔහු මාධ්‍ය ඔස්සේ චෝදනා කර ඇත්තේ, ඊයේ තරගයේදී ඉන්දියාවට වාසි වන ආකාරයේ වැරදි තීරණ කිහිපයක් ම විනිසුරුවරුන් විසින් දෙනු ලැබූ බව ය.
එම විනිසුරුවරුන් එලෙස ක්‍රියා කළේ, ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය අත් කර දීම සඳහා පැවති පූර්ව සැලසුමක් අනුව බවට ඔහු චෝදනා කරයි. මුස්තෆා කමාල් අවධාරණය කර ඇත්තේ, ඊළඟ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල් රැස්වීමේදී මේ පිළිබඳව චෝදනා ඉදිරිපත් කරන බව ය.
එහිදී, ඒ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වා විනිසුරුවරුන්ට දඬුවම් නොකළහොත් තමන් බංග්ලාදේශ ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වන බවට ද ඔහු තර්ජනය කර ඇත.
විනිසුරුවරුන්ගේ තීරණ හේතුවෙන් ඊයේ තරගය විනාශ වූ බව ත්, සමස්තයක් ලෙස විනිසුරුවරුන්ගේ විනිශ්චයන් වෘත්තීයමය මට්ටමක නොපවතින බව ත් මුස්තෆා කමාල් අවධාරණය කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානී ඩේවිඩ් රිචර්ඩ්සන් පවසන්නේ, මේ පිළිබඳව විමර්ශනයක් කරන බව ය. විනිසුරුවරුන්ගේ තීරණ විවේචනයට ලක් කිරීම නොකළ යුතු බව ද ඩේවිඩ් රිචර්ඩ්සන් සඳහන් කර තිබේ.
ඊයේ තරගයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළේ, අලීම් ඩා සහ ඉයන් ගෝල්ඩ් යන විනිසුරුවරුන් ය. රෝහිත් ෂර්මා ලකුණු 90ක් ලබා සිටියදී උඩ පන්දුවක් ලබා දුන්න ද, එම පන්දුව නිපන්දුවක් බවට ප්‍රධාන විනිසුරුවරයා තීන්දු කළේ ය.
එහෙත්, ඉණට ඉහළින් පැමිණෙන පන්දුවක් නිපන්දුවක් බව නම් කිරීමට ප්‍රධාන විනිසුරුට හැකියාවක් නොමැති අතර එය ඉණට ඉහළින් පැමිණි පන්දුවක් නොවන බව ද පුනරූපණවලින් සනාථ විය.

No comments:
Post a Comment