සංගා, මහේල සහ මාලිංග නොමැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 20, 2015

සංගා, මහේල සහ මාලිංග නොමැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් පිරිසක් අද අලුයම සහ දහවල් දිවයිනට පැමිණියේය.

අද අලුයම ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න දිමුත් කරුණාරත්න සහ සචිත්‍ර සේනානායක පැමිණියේය.

අද දහවල් පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට ටී.එම්. ඩිල්ෂාන්,සිකුගේ ප්‍රසන්න, කුසල් ජනිත්, උපුල් තරංග, රංගන හේරත්, දුෂ්මන් චමීර, සුරංග ලක්මාල්, තරිඳු කෞෂාල්, කිත්රුවන් විතානගේ, තිසර පෙරේරා ද ඇතුළත් ය.

ඊට අමතරව පුහුණුකරුවන් වන මාවන් අතපත්තු, චමින්ද වාස් පියල් විජේතුංග ද අද දහවල් කණ්ඩායම සමඟ දිවයිනට පැමිණියා. විශේෂ අමුත්තන් පිවිසෙන පර්යන්තයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට පැමිණි අතර කුමාර් සංගක්කාර, ලසිත් මාලිංග හා මහේල ජයවර්ධන ඉදිරි දින වලදී මෙරටට පැමිණීමට නියමිත ය.

No comments:

Post a Comment

Post Bottom Ad