ඡන්දෙ ඉල්ලන්නේ සන්ධානයෙන් විතරයි.. කොටි නිදහස් කරන ගමන් මගේ ආරක්‍ෂාව අඩු කරනවා.. – මහින්ද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 21, 2015

ඡන්දෙ ඉල්ලන්නේ සන්ධානයෙන් විතරයි.. කොටි නිදහස් කරන ගමන් මගේ ආරක්‍ෂාව අඩු කරනවා.. – මහින්ද

තමන් එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන්නේ නම් ශ‍්‍රීලනිපය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පමණක් එසේ කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කීය.

නාරාහේන්පිට අභයාරාමයේදී අදහස් පල කරමින් ඔහු කියා සිටියේ කම්කරු පක්ෂයෙන් මැතවරණයට තරග කරන බවට පැතිර යන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කල විමසීමකටයි.

රාජපක්‍ෂ මහතා එහිදී තම හිසට ඇගිල්ල තබා ‘මගේ ඔළුව හොද නෑ කියලා හිතනවාද’ යයි විමසීය. 

අලූත් ආණ්ඩුව දින සියය තුළ කරන්නේ තමන්ට හිතැත්තන් සහ පවුලේ උදවිය අල්ලස් කොමිසමටත්, අලූතෙන් බිහිකළ විශේෂ මූල්‍ය චෝදනා විමර්ශන කොට්ඨාසයටත් ගෙනයෑම පමණක් බවද කී හිටපු ජනාධිපතිවරයා අද සිවිල් වැරැදි අපරාධ වැරැදි ලෙස සැලකීමටත් ආණ්ඩුව කටයුතු කිරීම මහා අපරාධයක් සේම එය පළිගැනීමක් පමණක් බවත් පැවසීය.

‘අරහෙන් කොටි නිදහස් කරනවා. මෙහෙන් මගේ ආරක්ෂාව අඩු කරනවා බොහොම හොදයි, බොහොම හොදයි අපි බලමු’ යනුවෙන්ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad