ඇමති පාඨලී චම්පික රණවක උත්සාහ කරන්නේ සන්ධානයේ නායකයා වී ජනාධිපති වෙන්න යයි ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.
කොලඹදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් ඔහු කියා සිටියේ වත්මන් බල තුලනයේදී චම්පික රණවක මහතා උත්සාහ කරන්නේ සන්ධානයේ නායකත්ව ගෙන ජනාධිපති වීමට බවත්, එයට දේශපාලනමය වශයෙන් තමන්ට විරුද්ධ විය නොහැකි බවත්ය.
කෙසේ වුවත් චම්පිකගේ බලාපොරොත්තුව ඉටු වුවහොත් මහින්ද රාජපක්ෂටත් වඩා භයානක ඒකාධිපතියෙකු බිහිවන බවද දේවසිරි මහතා කියා සිටියේය.
‘වෙනත් දේවල් වලට වඩා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි වෙයි කියලා හිතුවා. බලතුලනයට එය අහෝසි කිරීම තුළින් තමයි ආණ්ඩුව රැකෙන්නේ.
ඒ සදහා මෙය අහෝසි කළ යුතුයි.රනිල්ට පවතින්න නම් එය කළ යුතුයි. බල තුලනය නිසා මෛත‍්‍රිගේ බලය රදා පවතිනවා’ යයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
Friday, March 20, 2015
චම්පික හදන්නේ ජනාධිපති වෙන්නයි.. එහෙම වුනොත් ඔහු මහින්දටත් වඩා ඒකාධිපතියෙක් වෙනවා
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment