මත්තල දවසින් බාගයක් වසා දමනවා.. විදෙස් ආයෝජකයන්ට දෙනවා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 20, 2015

මත්තල දවසින් බාගයක් වසා දමනවා.. විදෙස් ආයෝජකයන්ට දෙනවා..

මත්තල ගුවන් තොටුපල රාත‍්‍රී කාලයට වසා දැමීමට තීරණය කල බව ඇමති අර්ජුන රණතුංග මහතා පවසයි.

‘රාත‍්‍රී කාලයට මත්තල ගුවන් තොටුපල වසා දමන්න තීරණය කලා. ඒ වුනත් කටුනායකට දෙවැනි ගුවන්තොටුපොළක් වශයෙන් හදිසි තත්ත්වයකදී තබා ගන්නත් තීරණය වී තිබෙනවා.  

ඒ වෙනුවෙන් රුපියල් මිලියන 250ක පාඩුවක් මසකට දරන්න සිද්ධ වෙලා. එන මාසේ ඉදන් මේක හදන්න ගත්ත ණයවලට පොලිය ගෙවන්න වෙනවා. ගුවන් යානා දෙකයි තුනයි මාසෙටම එන්නෙ. 

ගුවන්යානා අලූත්වැඩියා මධ්‍යස්ථානයක් බවට ඉදිරියේදී මත්තල පත් කිරීමට බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විදෙස් ආයෝජකයන් හා දැනටත් සාකච්චා කාර තිබෙනවා’ යයිද අමාත්‍යවරයා අමාත්‍යාංශයේ පැවති මාද්‍ය හමුවක් අමතමින් පැවැසීය.

No comments:

Post a Comment

Post Bottom Ad