මහින්දට ශ‍්‍රීලනිපයෙන් අවස්ථාව දීමට මෛත‍්‍රී සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 19, 2015

මහින්දට ශ‍්‍රීලනිපයෙන් අවස්ථාව දීමට මෛත‍්‍රී සූදානම්..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කිරීමට ඉදිරිපත් වන්නේ නම් ඒ සදහා අවස්ථාව ලබාදෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රීලනිප සංවිධායකවරුන්ගේ රැස්වීමේදී ප‍්‍රකාශ කළේ යැයි හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනත් පක්ෂයකින් හෝ සන්ධානයකින් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන බවට එක්සත් ජාතික පක්ෂයත්,ජනතා විමුක්ති පෙරමුණත් ගෙන යන්නේ අසත්‍ය ප‍්‍රචාර බවත්,සන්ධානයේ හවුල්කාර පක්ෂ රත්නපුරේදී පැවැත්වීමට නියමිත රැලියට කලින් පක්ෂයේ ගැටලූ රැසක් විසදන බවත් හිටපු අමාත්‍යවරයා කීය.

– Mawbima

No comments:

Post a Comment

Post Bottom Ad