සිරියාව ඇමරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙළයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 19, 2015

සිරියාව ඇමරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙළයි

සිරියාවේ වෙරළබඩ ලටාකියා ප‍්‍රාන්තයට ඉහළින් පියාසර කරමින් තිබූ ඇමරිකානු ඩ්‍රෝන යානයක් සිරියානු ආරක්‍ෂක අංශ විසින් පහරදී බිම හෙලා ඇතැයි වාර්තා වේ.

සිරියානු මාධ්‍ය විසින් වාර්තා කර ඇත්තේ ඇමරිකානු චරපුරුෂ යානයක් මෙලෙස බිම හෙළා ඇති බවයි.  මෙය දකුණුදිග තුර්කියේ අඩානා ප‍්‍රාන්තයේ පිහිටා ඇති ඉන්සර්ලික් ඇමරිකානු ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගත කළ ප්‍රෙඬේටර් වර්ගයේ ඩ්‍රෝන යානයක් බව තුර්කි ආරක්‍ෂක අංශ විසින් වාර්තා කර තිබේ.

සිරියානු සෙබළුන් විසින් සොයාගනු ලැබූ ඩ්‍රෝන යානයේ සුන්බුන් ලෙස හැඳින්වූ කොටස් කිහිපයක දසුන් මාධ්‍ය විසින් ප‍්‍රදර්ශනය කර ඇතැයි පැවසේ.

වයඹදිග සිරියාවට ඉහළින් පියාසර කරමින් තිබූ නිරායුධ ඩ්‍රෝන යානයක් සමග සබඳතා බිඳ වැටී ඇති බව ඇමරිකානු හමුදා ප‍්‍රකාශයකු පවසා තිබේ.
ඒ පිළිබඳ පරීක්‍ෂණයක් සිදුකෙරෙන බවත් යානයට පහරදී බිම හෙළා ඇතිදැයි මෙතෙක් තහවුරු කළ නොහැකි බවත් ඔහු පවසා ඇත.

කෙසේවෙතත් ඇමරිකානු චරපුරුෂ යානය බිම හෙළන ලද්දේ සිරියානු රජයේ හමුදා විසින් නම් මෙය සිරියාව විසින් ඇමරිකාවට එරෙහිව එවැනි පියවරක් ගත් පළමු අවස්ථාව වනු ඇත.

2014 සැප්තැම්බරයේ සිට සිරියාවේ පිහිටා ඇති ඉලක්ක වලට ඇමරිකාව ප‍්‍රමුඛ අරාබි හා බටහිර රටවල සන්ධානය විසින් ගුවන් ප‍්‍රහාර එල්ල කරන අතර ඒ සඳහා තමන්ගෙන් කිසිදු අවසරයක් ගෙන නොමැති බව සිරියානු රජය පවසා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad