මිනිස්සු ඉල්ලන්නේ මහින්දයි.. රත්නපුරේ ගියාට දෙන ඕන දඬුවමකට ලෑස්තියි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 31, 2015

මිනිස්සු ඉල්ලන්නේ මහින්දයි.. රත්නපුරේ ගියාට දෙන ඕන දඬුවමකට ලෑස්තියි..

රටම ඉල්ලන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීළග මැතිවරණයේ අගමැති අපේක්ෂකයා කරන ලෙස බවත් ලබාදෙන ලෙස ඉල්ලා රත්නපුර ජන රැළියට සහභාගී වීම සම්බන්ධයෙන් පක්ෂය පවත්වන  ඕනෑම විනය පරීක්ෂණයකට නොබියව මුහුණ දෙන බවත්  පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්.  චන්ද්‍රසේන හා උතුරු මැද පළාත් සභාවේ ප‍්‍රවාහන සමූපකාර හා ක‍්‍රීඩා ඇමති එස්.එම්.  රංජිත් යන මහත්වරැන් පවසති.

‘මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂක කරනවට රටේ වැඩිදෙනෙක් කැමතියි.  එතුමට ජනාධිපතිවරණයේදී ලක්ෂ 58කට වැඩියෙන් ජන්ද ලැබුණා.

මේ රජය ජනතාවට බොරු පොරොන්දු දීලයි ජන්ද ගත්තේ.  දින 100 න් කරනවා කීව වැඩ ඉටු කර නැහැ.  ජනතාව දැන් කලකිරී සිටිනවා.  මහින්ද රාජක්ෂ මහතා මීළග මැතිවරණයේ ඉල්ලීම පක්ෂයේ මහජන නියෝජිතයන් ලෙස අප ඉටු කරදිය යුතුයි’යයිද එහිදී එස්.එම්.  චන්ද්‍රසේන මහතා කීය.

No comments:

Post a Comment

Post Bottom Ad