ජර්මානු යුවලක් යුධ වන්දිවල තමන්ගේ කොටස ග‍්‍රීසියට ගෙවලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 31, 2015

ජර්මානු යුවලක් යුධ වන්දිවල තමන්ගේ කොටස ග‍්‍රීසියට ගෙවලා

ග‍්‍රීසියේ සංචාරය කළ ජර්මානු ජාතික යුවලක් තම රජය විසින් ග‍්‍රීසියට ගෙවිය යුතුව ඇති දෙවන ලෝක යුධ වන්දිවල තමන්ගේ කොටස ලෙස යුරෝ 875ක් ගෙවා ඇතැයි වාර්තා වේ.

වෙරළබල නගරයක් වන නෆ්පෝලියෝහි නගරාධිපතිවරයා වෙත චෙක්පතක් හරහා මෙම මුදල ලබාදුන් ඔවුන් පවසා ඇත්තේ ජර්මානු යුධ ණය මිලියන 80ක ජනගහනයෙන් බෙදු විට එක් පුද්ගලයෙකුගේ කොටස යුරෝ 875ක් වන බවයි.

සතියකට පැය 30ක රැුකියාවක් කරන නිනා ලාගේ සහ විශ‍්‍රාමිකයකු වන ලූද්විග් සකාරෝ පවසා ඇත්තේ ග‍්‍රිසිය වෙත ලබාදිය යුතු හානිපූර්ණ වන්දි මුදල් ගෙවීම ජර්මානු රජය විසින් ප‍්‍රතික්‍ෂේප කිරීම පිළිබඳ ලැජ්ජාවට පත්වන බවයි.

තමන් දෙදෙනාගේම ණය කොටස ලබාදීමට අත මුදල් නොමැතිවීම පිළිබඳවද ඔවුන් නෆ්පෝලියෝ නගරාධිපතිවරයාගෙන් සමාව ඉල්ලා ඇතැයි පැවසේ. මෙම මුදල් ප‍්‍රාදේශීය සුභසාධන සංවිධානයක අරමුදලක් සඳහා ලබාදී තිබේ. 

යුරෝපා මහ බැංකුව, යුරෝපා කවුන්සිලය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ග‍්‍රීසිය වෙත ලබාදුන් ණය මුදල් යළි ගෙවීම නව අගමැති ඇලෙක්සිස් ස්පිරාස්ගේ රජයට අභියෝගයක් වී ඇති අතර ණය කොන්දේසි සංශෝධනය කිරීමට එකගකරගැනීමට කේවල් කිරීමක් ලෙස ස්පිරාස් විසින් ජර්මානියෙන් යුධ වන්දි ඉල්ලමින් සිටී.  

කෙසේවෙතත් මෙම ඉල්ලීම ජර්මානු බලධාරීන් විසින් තරයේ ප‍්‍රතික්‍ෂේප කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad