කොකාකෝලා බීම සෞඛ්‍යයට හොඳයි කියන්න පෝෂණවේදීන්ට මුදල් ගෙවලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 18, 2015

කොකාකෝලා බීම සෞඛ්‍යයට හොඳයි කියන්න පෝෂණවේදීන්ට මුදල් ගෙවලා

සිය සෝඩා වර්ග පානය කිරීම සෞඛ්‍යයට හිතකර බව පැවසීම සඳහා කොකාකෝලා සමාගම විසින් ශරීර සුවතා සහ පෝෂණ විශේෂඥයින්ට මුදල් ගෙවා ඇතැයි නවතම වාර්තාවකින් අනාවරණය කර තිබේ.

පෙබරවාරි ඇමරිකානු හදවත් සෞඛ්‍ය මාසයේදී කොකාකෝලා සිගිති කෑනයක් පානය කිරීම සෞඛ්‍යසම්පන්න ආහාරවේලක අංගයක් කරගත හැකි බව පෝෂණවේදීන් සහ ශරීර සුවතා විශේෂඥයින් ගණනාවක් විසින් පවසනු ලැබිණි.

ඇසෝසියේටඞ් ප්‍රෙස් ආයතනය විසින් පළ කර ඇති වාර්තාව පිළිබඳ අදහස් දක්වමින් කොකාකෝලා සමාගම පවසා ඇත්තේ එය කෙලොග්ස්, පෙප්සිකෝ ආදී  ඕනෑම ප‍්‍රධාන සමාගමක් විසින් සිදුකරන ක‍්‍රියාවක් බවයි.

තම සමාගම සමග පෝෂණවේදීන් ජාලයක් කටයුතු කරන බව කොකාකෝලා ප‍්‍රකාශක බෙන් ෂිඞ්ලර් පවසා තිබේ.පෙබරවාරි මසදී හෘද සෞඛ්‍ය පිළිබඳව ලිවූ ලිපි 4ක පමණ කොකාකෝලා භාවිතය පිළිබඳ අදහස් දක්වා ඇති අතර එය ප‍්‍රබෝධමත් කරවන පානයක් බව එක් ලිපියක දක්වා ඇතැයි පැවසේ.

අනෙක් ලේඛකයින් දක්වා ඇත්තේ සිගිති කෑන් මිලදී ගැනීම විශාල ප‍්‍රමාණයක් පානය කිරීමට හොඳ විකල්පයක් බවයි.  මෙම ලිපි ලිවූ පෝෂණවේදීන් අතරින් රොබින් ෆ්ලිප්සි පවසා ඇත්තේ කොකාකෝලා විසින් මුදල් ගෙවූවත් නැතත් තමන් එම අදහස් ලියන බවයි.

ලිපියේ අඩංගු වන්නේ තම පුද්ගලික මතය බව පවසා ඇති සිල්වියා මෙලෙන්ඩෙස් ක්ලින්ගර් ඒ සඳහා තමන්ට මුදල් ගෙවූයේදැයි අමතක බව පවසා ඇතැයි වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad