රට පුරා බොහෝ ප‍්‍රදේශවල පිහිටුවා ඇති ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අයිති විකාශන කුලූනු පුද්ගලික රූපවාහිනී නාළිකා සහ දුරකථන සමාගම්වලට පාවිච්චි කිරීමට ඉඩ ලබාදීමට ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.අමාත්‍යංශය පවසන්නේ නිශ්චිත මුදලක් ගෙවා වාර්ෂික බදු ක‍්‍රමයක් යටතේ මේ විකාශන කුලූනු පාවිච්චියට ඉඩ ලබා දෙන අතර ඒ අනුව තම ඇන්ටනා එම කුලූනුවල සවිකර ගැනීමට එම ආයතනවලට ඉඩ ලබාදෙන බවත්ය.
මේ හරහා රූපවාහිනී පේ‍්‍රක්ෂකයන්ට මෙන්ම දුරකථන පාරිභෝගිකයන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමට ඉඩකඩ සැලකෙන බව එම අමාත්‍යංශය කියයි.
No comments:
Post a Comment