ඇමරිකා එක්සත් ජනපදය සිය ණය සීමාව යළිත් වරක් ඉක්මවා ඇතැයි වාර්තා වේ.
නිවේදනයක් නිකුත් කරමින් භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ මාර්තු 12වනදා වන විට ඇමරිකානු රාජ්‍ය ණය ප‍්‍රමාණය ඩොලර් ටි‍්‍රලියන 18ක් ඉක්මවා ගොස් ඇති බවයි.
මාර්තු 16වන විට උපරිම ණය සීමාව ඉක්මවනු ඇති හෙයින් හැකි ඉක්මනින් එම සීමාව ඉහළ දැමීමට පියවර ගන්නා ලෙස භාණ්ඩාගාර ලේකම් ජැක් ලිව් විසින් මේ මස මුලදී දැනුම්දී තිබිණි.
ඇමරිකානු රජයට අතිවිශේෂ ක‍්‍රියාමාර්ග අනුගමනය කරමින් ඔක්තෝබර් මස දක්වා රාජ්‍ය වැඩසටහන් වලට අවශ්‍ය මුදල් සැපයීම සිදුකළ හැකිවනු ඇති බව කොංග‍්‍රස් මණ්ඩල අයවැය කා්රයාලය පවසා තිබේ.
කෙසේවෙතත් ණය සීමාව ඉක්මවීම සමග යළිත් වරක් ඇමරිකානු වියදම් පුරුදු පිළිබඳව ජනාධිපතිවරයා හා මන්ත‍්‍රීවරුන් අතර ප‍්‍රදර්ශනාත්මක විවාදයන් දැකිය හැකිවනු ඇතැයි පැවසේ.
2014 පෙබරවාරි මසදී එවකට පැවති ණය සීමාව වූ ඩොලර් ටි‍්‍රලියන 17.2 පසුකර ගිය පසු මූල්‍ය ප‍්‍රපාතයකට රට ඇද වැටීම වැළැක්වීම සඳහා සාකච්ඡ ආරම්භ වුවද රජය බංකොළොත් කිරීමට රිපබ්ලිකන් විපක්‍ෂය පියවර ගන්නා ලදී.
එය හේතුවෙන් බොහෝ රජයේ සේවකයින්ට දෙසතියක් පමණ රාජකාරී වලින් නිදහස් කෙරුණු අතර ඩොලර් බිලියන 24ක පමණ අලාභයක් සිදුවූ බව පැවසේ.
ණය ගැනීමේ හැකියාව පවත්වා ගැනීම සඳහා ඇමරිකාව විසින් මේ වන විට උපරිම ණය සීමාව සියවරක් පමණ ඉහළ දමා ඇතැයිද වාර්තා වේ.
Wednesday, March 18, 2015
ඇමරිකාව අමාරුවේ.. ඩොලර් ටි‍්‍රලියන 18ක ණය සීමාව පනී..
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment