මිතුරාට වීඩියෝ කරන ලෙස පවසා තරඟයට වැවක පිහිනූ තරුණයා දියේ ගිලී මියයන අයුරු පටිගත වී තිබූ හැටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 19, 2015

මිතුරාට වීඩියෝ කරන ලෙස පවසා තරඟයට වැවක පිහිනූ තරුණයා දියේ ගිලී මියයන අයුරු පටිගත වී තිබූ හැටි

තරඟයට පිහිනීමට ගොස් සිය ජීවිතයෙන් වන්දි ගෙවූ 19 හැවිරිදි තරුණයෙකු පිළිබඳ මත්තේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා. 

මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ පොල්ගස්ඕවිට - ඔලුපත්තාව වැවේ දිය නෑමට ගිය හේෂාන් සූරියආරච්චි නමැති තරුණයායි.

පියා සමඟ පැමිණි හේෂාන් යහළුවන් 12 දෙනෙකු සමඟ ඊයේ පස්වරු 1.00 පමණ වනවිට  පොල්ගස්ඕවිට -ඔලුපත්තාවැවට  දිය නෑමට ගොස් තිබෙනවා.

හේෂාන් තවත් යහළුවෙකු සමඟ තරඟයට පිහිනීමට ඉදිරිපත්ව ඇත්තේ සෙසු පිරිස දිය නෑමෙන් අනතුරුවයි. තවත් යහළුවෙකුට එය පටිගත
කරන ලෙස හේෂාන්  පවසා තිබෙනවා. කෙසේ වෙතත්, පිහිනීම ආරම්භ කර තත්පර 10කට පසුව හේෂාන්ගේ පිහිනීමේ වේගය අඩාල වනවා.

හේෂාන් බේරා ගැනීමට මිතුරන් දෙදෙනෙකු ඉදිරිපත් වන්නේ ඔහුට පිහිනීමට ශක්තියක් නොමැති බව දැන ගෙන විනාඩි එක හමාරකට පමණ පසුවයි.  හේෂාන් අසළට යහළුවන් දෙදෙනෙකු ළඟා වනවිටත් ඔහු වැව් පතුලට ගොස් හමාරයි.

මෙහි හිරු වීඩියෝව පහතින් නරඹන්න.

No comments:

Post a Comment

Post Bottom Ad