යළි දේශපාලනයට එක්වීමේ අදහසක් තමාට නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා පවසනවා.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී කෙටි පිළිසඳරකට එක්වෙමින් සනත් ජයසූරිය මහතා මේ බව සඳහන් කළා. ඒ මහතා මෙසේද පවසනවා.
සක්‍රිය දේශපාලනය මට දැන් එපා වෙලා. මම හිතන්නේ නැහැ මම ආයෙත් දේශපාලන පිටියට එයි කියලා. මට සතුටුයි දිගටම මේ
විදිහට ක්‍රිකට් වලට සේවය කරමින් එයට සහාය ලබා දෙන්න.
කොහොම වුණත් මම සතුටු වෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් වැඩි දෙයක් කිරීමට ලැබිම පිළිබඳව. මම වඩා සතුටු වෙන දෙයක් තමයි මේ තරම් දුරක් අපේ පිල ලෝක කුසලානයේ ඉදිරියට පැමිණීම. බලමු අපට ඉදිරියට යන්න හැකි වේවි. එහෙම වුණොත් මට එය දේශපාලනයට වඩා සතුටක් ගෙන දෙනවා.
ශ්‍රී ලංකාව 1996 ලෝක ක්‍රිකට් කුසලානය දිනා වසර 19ක් ඊයේ දිනට සම්පූර්ණ කිරීම ගැන ද සනත් ජයසූරිය සිහිපත් කළේය.
ධම්මික රත්නවීර
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට
Thursday, March 19, 2015
දේශපාලනය මට දැන් එපා වෙලා ආයෙත් දේශපාලනය කරන්නේ නෑ - සනත් ජයසූරිය කියයි
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment