පන්නිපිටිය - දෙව්රම් වෙහෙර විහාරාධිපති කොළොන්නාවේ සුමංගල හිමියන් විදේශගත වන්නේ නම් අධිකරණයේ අවසරය ලබා ගන්නා ලෙස උන්වහන්සේට දන්වන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද පොලීසියට දැනුම් දුන්නේය.
ඒ, පසුගිය දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් සම්බන්ධයෙන් වන නඩුව අද කැදවූ අවස්ථාවේදිය.
වනයෙන් අල්ලා ගත් අලි පැටවුන් 5 දෙනෙකු බලපත‍්‍ර රහිතව ළඟ තබා ගත් බවට අලි රොෂාන්ට එරෙහිව චෝදනා එල්ල වේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලදී පූජ්‍ය කොළොන්නාවේ සුමංගල හිමියන්ගේ නම ද අනාවරණය වන බවට රහස් පොලීසි අධිකරණයට දැනුම් දුන්නේය.
විනිසුරුවරයා පොලීසියට මෙම නියෝගය නිකුත් කළේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුවය. එමෙන්ම අලි රොෂාන් මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.
Friday, March 20, 2015
සුමංගල හිමියන්ට විදෙස් ගමන් තහනම්
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment