මහින්දව ගේන්න රාජිත එකඟවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 20, 2015

මහින්දව ගේන්න රාජිත එකඟවෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂක ලෙස නම් කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තීරණය කළහොත් තමා ඊට එකඟව කටයුතු කරන බවත් ඔහුව විනාශ කළේ පවුලේ උදවිය විසින් බවත් කැබිනට්‌ ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතා තමාගේ හොඳ මිත්‍රයකු යෑයිද ඔහුව මැතිවරණයෙන් පසුවද හමුවූ බවත් ඉතා සුහදව කතාබහ කළ බවත් අමාත්‍යවරයා පවසයි.

පසුගිය දිනක තම බිරිඳ සමගද ඒ මහතා සුහදව දුරකථනයෙන් කතාකළ බවත් ඔහු සමග කිසිදු පෞද්ගලික අමනාපයක්‌ තමාට නැති බවත් රාජිත සේනාරත්න මහතා කියා සිටී.

එහෙත් කොතරම් හිතවත්කම් තිබුණද ඉකුත් සමයේ ඔහුට හෝ පවුලේ උදවියට එල්ල වී ඇති චෝදනාවලින් බේරා ගැනීමට කිසිවිටක තමා මැදිහත් නොවන බවද ඇමැතිවරයා කියා පවසා සිටී.

ඉකුත් ආණ්‌ඩු සමයේදීද බොහෝ තීන්දු තීරණ ගැනීමේදී තමා හඬ නැගූ බවත් ඇතැම් විට හිටපු ජනාධිපතිවරයා තම හඬට කන්දී වැරදි තීන්දු නැවත්වූ බවත් රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් පවසා තිබේ. 

කෙසේ නමුත් අමාත්‍යවරයා පසුගිය ජනාධිපතිවරණ ස‍මයේ පොදු අපේක්ෂක වේදීකාවේදී පැවසූවේ තමන් කොපමණ හඬ නැගුවද ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිස තමන්ගේ හඬට කන් නොදුන් බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad