මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් විමට ඉඩ නොදුන්නොත් පක්ෂ සාමාජිකයන් තමන්ට මහා පාරේදි පහරදිම කිසිදවසක නතර කිරිමට නොහැකි වනු ඇති නිසා තමන් ඉට ඉඩ දිමට තිරණය කළ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යහපාලන ප්‍රබලයන් අමග පවසා තිබේ.
එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් තමා තැබු විශ්වාසය වක්කඩෙ හකුරු හැංගුවාට වඩා අන්ත බවද මෛත්‍රී පවසා තිබේ.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය මැතිවරණ සටන ලබන අතිය තුල ආරම්භ කිරිමට සුදානමින් සිටි.එහි ප්‍රධාන මෙහෙයුම් කාර්‍යාලය ඒ. එස්. පී. ලියනගේ මහතාට අයත් දියවන්නාඔය අසබඩ පිහිටි රාජගිරියේ පිහිටි "පීකොක්" මන්දිරයේ සිට ක්‍රියාත්මක වන අතර ලබන 26 වැනිදා රත්නපුරයේ පැවැත්වෙන රැළියට සහභාගි විමටද සුදානමින් සිටින බව අප වාර්තාකරු අනාවරණය කළා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්‍ෂක ලෙස නම් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කළහොත් තමා ඊට එකඟව කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා අද මාධ්‍ය හමුවේ පවසා තිබේ.
Friday, March 20, 2015
රටම "මහින්ද" ඉල්ලයි....මෛත්‍රී අගමැති අපේක්ෂකයා ලෙස මහින්ද පිළිගනි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment