හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට නැවතත් දේහපාලනයට එන්න ඉඩ දෙන්නේ නැති බව ජවිපෙ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී කේ.ඞී ලාල්කාන්ත මහතා පවසයි.
කොළඹ නව නගර ශාලාවේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙසේද කියා සිටියේය.
‘විමල් වීරවංශ ඇතුළු කිහිපදෙනෙක් පසුගියදා නුගේගොඩ ජනරැලියක් පැවැත්වුවා මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයට ගේන්න ඕනා කියලා. ඕක වීරවංශගේ උවමනාවට විතරක් පවත්වපු ජන රැලියක් නෙමෙයි.
ඔය ජන රැලිය පවත්වන්න කුමන්ත‍්‍රණය කළේ මහින්ද රාජපක්ෂ මහත්තයා. පැරදිලාත් ආයෙ එයාට ඕනේ දේශපාලනයට එන්න. ඒවාට දැන් ඉඩ නැහැ රාජපක්ෂව අපි ගෙදර යැව්වා. ආයෙත් මහින්ද රාජපක්ෂයට දේශපාලනයට එන්න බැහැ.
එන්න ඉඩදෙන්නෙත් නැහැ. මහින්දට දැන් ඕනේ රටේ අගමැති වෙන්න. ඒක සිහිනයක් පමණයි. එයා හැම වෙලාවෙම හිතන්නේ එයාට ඡන්දය දුන්න ලක්ෂ 58 ගැනයි. ආයෙත් ඔය දුෂිතයන්ට රටේ රජකරන්න අපි ඉඩ තියන්නේ නැහැ’
Monday, March 2, 2015
මහින්දට අගමැති වෙන එක හීනයක්.. නැවත මහින්දට දේශපාලනයට එන්න අපි ඉඩ දෙන්නේ නෑ
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment