මිනිස් වර්ගයා රැකගැනීමට ග‍්‍රහලෝක ජනාවාස ඉදිකරන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 2, 2015

මිනිස් වර්ගයා රැකගැනීමට ග‍්‍රහලෝක ජනාවාස ඉදිකරන්න

මිනිස් වර්ගයා වඳවී යාමෙන් ආරක්‍ෂා කරගැනීමට නම් වෙනත් ග‍්‍රහලෝක වල ජනාවාස ඉදිකළ යුතු බව ලෝක පූජිත භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින් පවසා ඇතැයි වාර්තා වේ.

ඔහු පවසා ඇත්තේ මිනිසාගේ ප‍්‍රචණ්ඩත්වය හේතුවෙන් සිය වර්ගයා විනාශය කරා ගෙනයාමේ අවදානමක් ඇති බවයි.ලන්ඩනයේ විද්‍යා කෞතුකාගාරයට පැමිණි ඇමරිකානු සංචාරකයකු අමතමින් ඔහු මේ බව පවසා තිබේ.

න්‍යෂ්ටික හානියකින් විනාශයට පත්වීමට නියමිත මිනිස් වර්ගයාගේ ජීවිත රක්‍ෂණය වන්නේ වෙනත් ග‍්‍රහලෝකවල පදිංචිවීම බව හෝකින් පවසා ඇත. ඔහු පවසා ඇත්තේ සඳ මතට පා තැබීම විසින් අපට මෙතෙක් නොවැටෙහෙන ආකාරයන්ගෙන් මිනිසාව වෙනස් කර ඇති බවයි.

එමගින් පෘථිවිය මත අපගේ හදිසි ගැටළුවලට පිළිතුරක් ලැබී නොමැති වුවත් ඒවා පිළිබඳ වෙනස් මානයකින් බැලීමේ හැකියාව ලැබූ බව භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින් පවසා තිබේ.

බ්ලොග් අඩවි හා වීඩියෝ තරගයකින් ජය ලැබූ කැලිෆෝනියාවේ පාම්ඬේල්හි පදිංචි ගුරුවරියක වන අඩාසි උයන්වා වෙත ලෝක ප‍්‍රකට විද්‍යාඥයා හමුවීමේ අවස්ථාව හිමිවිය.

ඇය පවසා ඇත්තේ තවත් දශක ගණනාවකින් අනතුරුව ස්ටීවන් හෝකින්ගේ විද්‍යා න්‍යායයන් ඉගෙනගන්නා තම මුණුපුරු මිණිපිරියන්ට මේ සුවිශේෂී හමුවීම පිළිබඳව පවසන බවයි.

මිනිස් වර්ගයාගේ අනාගතය පිළිබඳව මින් පෙරද ස්ටීවන් හෝකින් විසින් අනතුරු හැගවීම් නිකුත් කර ඇතැයි පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad