සතුන් මරා උපන් දින පාටි දාන අය භික්‍ෂූන්ද? මස් කන්න ආසනම් හොරෙන් කන්න – මහ නාහිමි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 2, 2015

සතුන් මරා උපන් දින පාටි දාන අය භික්‍ෂූන්ද? මස් කන්න ආසනම් හොරෙන් කන්න – මහ නාහිමි

සතුන් මරා උපන් දින සමරන අයට හිමිවරු කියලා කියන්නත් ලැජ්ජා බව උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමියෝ පවසති.

පන්නිපිටිය රුක්මලේ ශ‍්‍රී ධර්ම වියජාලෝක විහාර්ස්ථානයේදී පැවති උත්සව සභාවකදී අනුශාසනාවක් පවත්වමි මහ නා හිමියන් මෙසේ පැවසූහ.

‘සමහර භික්ෂූන් වහන්සේලා හරිම පුදුම විදියට සංකර වෙලා.  සමහරු රහත් වෙලා කියල හිතාගෙන විකාර වැඩ කරනවා.  ඒ අය කරපු දේවල් පසුගිය දවස්වල පත්තර පිටු පුරාම දැක්කා.  මේ විකාර දකින  මිනිසුන්ගේ ඔළුවල භික්ෂූන්වහන්සේලා ගැන කළකිරීමක් ඇති වෙනවා.

භික්ෂූන්වහන්සේලාට මොන උපන්දින පාටිද?  ප‍්‍රසිද්ධියේ කරන මේ වැඩ නිසා ශාසනය වැනසෙනවා.  මේ අරුම පාටියේදී  වෙච්ච පුදුම සිද්ධියක් වුණේ අපේ රටේ ප‍්‍රසිද්ධ හිමි නමකුත් මේකෙ තිබුණ මස් කටු උරපු එකයි. භික්ෂුවකට මස් කන්න ආසාවක්  තියෙනවා නම් ගිහියෙකුට කියලා ගෙනැවිත් හොර රහසේ කෑවට කමක් නෑ.

මේවා දකිනකොට අපිට කට පියාගෙන ඉන්න බෑ.  සමහරුන්ට නම් අපි කියන දේවල් අල්ලන්නේ නෑ.  සමහර වෙලාවට අපිට බැනලා ලියුමක් එවනවා’  යැයිද උන්වහන්සේ වැඩදුරටත් කීහ.

No comments:

Post a Comment

Post Bottom Ad