මහින්ද නමින් දේවාලයක් කෑගල්ලේ ව්‍යාපාරිකයෙක් පුද්ගලික ධනයෙන් හදයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 18, 2015

මහින්ද නමින් දේවාලයක් කෑගල්ලේ ව්‍යාපාරිකයෙක් පුද්ගලික ධනයෙන් හදයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් දේවාලයක් තම පුද්ගලික ධනයෙන් ඉදිකරන බව කෑගල්ලේ ව්‍යාරිකයෙකු කියයි.

මෙම දේවාලය ඉදිකිරීම සඳහා සුදුසු තැනක් නුවර තොළඹ පාරෙන් මේ දිනවල සොයන බවද පවසන ඔහු රට බේරාගත් නායකයා ගැන සදාකල්හිම මේ ශ‍්‍රි ලංකාවේ මිනිසුන් දැන ගත යුතු බවද පවසයි.

ලොකයක් මවිත කරමින් ත‍්‍රස්තවාදය පරදා රටට නිදහස් උදා කරදුන් ඒ වීර කතාව එම දේවාලයේ සෙල් ලිපියක සටයන් කරන බවද ඔහු කියයි.

ඉතිහාසයේද රට වෙනුවෙන් මහත් සේවාවන් සිදු කල රජවරුන් වෙනුවෙන් දේවාල සාදා ඇති බවද කියු ඔහු තම වැඩිමහල් පුතා යුධ හමුදාවේ සේවය කරමින් සිටියදී සතුරු ප‍්‍රහාරයෙන් මිය ගිය බවත් හමුදාවේ සිටින දෙවැනි පුතා මහින්ද මහත්තයා යුද්දය අවසන් කල නිසා දිවි බේරාගත් බවද පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad