වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රගතිය වෙනුවෙන් එක්ධාරාවක ගමන් කිරීම ස්ථිර බව ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ නායක හා ව්‍යාපාරික ඒ.එස්.පී. ලියනගේ මහතා කියා සිටී.
මොවුන්ගේ එක්වීමට ඇති ඉඩකඩ අහුරාදමන්නේ මාධ්‍යබවත්, එසේ ඔවුන් ඈත්වන ආකාරයේ පුවත් පල නොකරන ලෙසත් ඒ මහතා මාධ්‍යයෙන් ඉල්ලීමක් කළේය. ලියනගේ මහතා මේ බව කියා සිටියේ ඊයේ (18) නාවල පැවැති මාධය හමුවකදීය.
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය විසින් මේ මාධය හමුව කැදවා තිබිණි. වත්මන් ජනපතිවරයා සිය ඡන්ද ව්‍යාපාරය ආරම්භ කරනු ලැබුවේ වෛරය නොසන්සිදේ යන වැකිය පෙරදැරි කරගෙන බැවින් ඒ මෛත්‍රී ධාරාවට හිටපු ජනපති මහින්දවද එක්කර ගන්නා බව තමාට විශ්වාසයැයිද ඔහු කියා සිටියේය.
ඔහු මහින්ද හා මෛත්‍රී එක්වනවාමයි යනුවෙන් ශපථකරද සිටි අතර ඊට තවත් බාධාවක් වන්නේ මෛත්‍රී මහතා හා මහින්ද මහතා වටේ සිටින පිරිස යැයි චෝදනාද කළේය. එසේම තමා අතින්ද වැරදි සිදුවූ බවත්, ඒවා සම්බන්ධයෙන් පසුතැවෙන බවත් හිටපු ජනපතිවරයා ප්‍රකාශ කළ බවද ඔහු මෙහිදි අවධාරණය කළේය.
කෙසේවුවද මේ සම්බන්ධයෙන් පෙරළා ප්‍රශ්නකළ මාධ්‍යවේදියකු කියා සිටියේ හිටපු ජනපතිවරයා එවැනි කාරණාවක් ප්‍රකාශ නොකළ බවයි. ඊට පිළිතුරු දුන් ලියනගේ මහතා තමා වැරදි හදාගෙන ඉදිරියට එන බව එක්තරා අවස්ථාවක පැවසූ බවද ඔහු කීය.
මහින්ද අනිවාර්‍යයෙන් ඡන්දයට එනවා
හිටපු ජනපතිවරයා අනිවාර්‍යයෙන්ම ඉදිරි මහ මැතිවරණයට තරගවදින බවත්, එය කුමන පක්ෂයෙන්ද යන්න පිළිබදව ස්ථිර නැතත් තරගවදින බව ස්ථිර යැයියද ඔහු පැවසීය.
එසේම ඉදිරි සති 3ක පමණ කාලය තුළ පෙරළිකාර දේ සිදුවිය හැකි බව කියා සිටියේය.
ලියනගේ නිවස මහින්දට දෙයි ?
මේ අතර, ලියනගේ මහතාට අයත් අදාල ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වූ නිවස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට දෙන්නෙ දැයි මාධ්‍යවේදියකු ඇසූ පැනයට ඒ මහතාගෙන් ස්ථිර පිළිතුරක් නොලැබුණ අතර ඔහු එම නිවසේ ඡායාරූප කිහිපයක් ගැනීම මාධ්‍යට ඉදිරියේදී ප්‍රයෝජනවත් විය හැකි බව පමණක් කියා සිටියේය.
එසේම දේශපාලන ප්‍රබලයන් මුණ ගැසීමට ඉදිරි මැතිවරණයේදී එම ස්ථානයට පැමිණීමට සිදුවනු ඇති බවටද ඔහු ඉගි පල කළේය.
මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ මාධය ප්‍රකාශක එස්.වී.සී. ඇලෙක්සැන්ඩර් හා එම පක්ෂයේ මහ ලේකම් කසුනි ලියනගේ යන අයද සහභාගිවී සිටියහ.
ලියනගේ මහතා මෙසේද කියා සිටියේය.
Thursday, March 19, 2015
“මෛත්‍රී හා මහින්ද එක්වෙනවාමයි” (වීඩියෝ)
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment