අලුත් කැබිනෙට්ටුව හදන්න තටු ගැලවූ ඇමැතිවරු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 23, 2015

අලුත් කැබිනෙට්ටුව හදන්න තටු ගැලවූ ඇමැතිවරු

ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණ ඇතිව අද දිනයේදී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 26 දෙනෙකුට කැබිනට් අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යධුර ලබාදෙනු ලැබුවා. එහිදී කැබිනට් අමාත්‍ය ධුර 11ක්ද රාජ්‍ය අමාත්‍ය ධුර 5ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර 10ක් සඳහා මන්ත්‍රීවරුන් පත් කරනු ලැබුවා. 

ඒ අනුව ආපදා කළමනාකරණ කැබිනට් අමාත්‍යවරයා ලෙස ඒ.එච්.එම්. ෆවුසි මහතා අද දිවුරුම් දුන්නා. මීට පෙර ආපදා කළමනකරණ විෂය භාරව තිබුණේ ජෝන් අමරතුංග මහතාටයි. 

එස්.බී. නාවින්න මහතා අද දිවුරුම් දෙනු ලැබුවේ කම්කරු කැබිනට් අමාත්‍ය ධුරයෙහියි. මීට පෙර කම්කරු සබඳතා විෂය භාරව තිබුණේ විජේදාස රාජපක්ෂ මහතාටයි. 

පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ලෙස  මහින්ද යාපා අබේවර්ධන මහතා දිවුරුම් දෙනු ලැබුවා. මීට පෙර පාර්ලිමේන්තු කටයුතු භාරව තිබුණේ ගයන්ත කරුණාතිලක මහතාටයි. 

රෙජිනොල්ඩ් කුරේ මහතා දිවුරුම් දෙනු ලැබුවේ ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසයි. මීට පෙර ගුවන් සේවා විෂය අයත්ව තිබුණේ අමාත්‍ය අර්ජුන රණතුංග මහතාටයි. 

විජිත් විජයමුණි සොයිසා මහතා අද දිවුරුම් දෙනු ලැබුවේ වාරිමාර්ග අමාත්‍යවරයා ලෙසයි. මීට පෙර එම විෂය අයත්ව තිබුණේ දුමින්ද දිසානායක මහතාටයි. 

මහින්ද අමරවීර මහතා අද දිනයේ ධීවර අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දෙනු ලැබුවා. මීට පෙර ධීවර අමාත්‍ය ධුරයෙහි කටයුතු කරනු ලැබුවේ ජෝශප් මයිකල් පෙරේරා මහතායි. 

පියසේන ගමගේ මහතා අද දිවුරුම් දෙනු ලැබුවේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු කැබිනට් අමාත්‍ය ධුරයෙහියි. මීට පෙර එය අයත්ව තිබුනේ කබීර් හසීම් මහතාටයි. 

ආචාර්ය සරත් අමුණුගම මහතා උස්ස අධ්‍යාපන හා පර්යේෂණ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා. එම විෂයේ මීට පෙර කටයුතු කරනු ලැබුවේ කබීර් හසීම් මහතායි. 

ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දිවුරුම් දෙනු ලැබුවේ පළාත් සභා හා ප්‍රාදේශීය සභා සංවර්ධන නව කැබිනට් අමාත්‍යවරයා ලෙසයි. මීට පෙර  කරු ජයසූරිය මහතාට මෙම විෂය අයත්ව තිබුණා. 

මීට අමතරව විශේෂ ව්‍යාපෘති අමාත්‍යවරයා ලෙස ෆීලික්ස් පෙරේරා මහතාද ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස එස්.බී. දිසානායක මහතාද පත් කර තිබෙනවා. 



No comments:

Post a Comment

Post Bottom Ad