ගෙවුණු වසර 5 ක කාලයේ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ නිරුවතින් ගැවසෙමින් එම අවස්ථා ඡායාරූපගත කිරීමේද යෙදුණු ප‍්‍රංශ ජාතික කලාකාරිනියක එසේ ගත් ඡායාරූපයන් පොතක් ලෙස පළ කිරීමට කටයුතු කරමින් සිටින්නීය.
එරිකා සිමෝන් නම් වන මැය සාමාන්‍ය නිව්යෝර්ක් නගර වැසියෙකුගේ දෛනික කි‍්‍රයාකාරකම් වල යෙදෙන්නේ ඇඟේ නූල්පටකුදු නැතිවය. ඇය රැකියාවට යන්නේ, වෙළඳපලට යන්නේ, වීදිය දිගේ ඇවිදින්නේ
ආදී මේ සියල්ල කරන්නේ නිරුවතිනි.
නිරුවතින් පෙනී සිටීම පසුපස ඇයට අරමුණක්ද තිබේ. විලාසිතා පාරාදීසයක් වන නිව්යෝර්ක් නගරයේ දිනෙන් දින අලූත්වන විලාසිතා ලෝකය හා යාවත්කාල වීමට උත්සාහ කරන නිව්යෝර්ක් වැසියන්ට කඩතුරාවෙන් වැසී ඇති සමාජයේ සැබෑ ස්වරූපය පෙන්වා දීම ඇයගේ උත්සාහයයි.
‘ගොඩක් අය විලාසිතා කරන්න මුදල් වැය කරනවා. නමුත් ඒ අය අමතක කරලා මේ නගරයේම කෑම ඩිංගක් හොයා ගන්න දුක්විදින සියගණනක් දෙනා සිටිනවා කියලා. ඇත්තටම ඇදුම් කියන්නේ විලිවසා ගන්න තියෙන දෙයක් මිස සමාජ තත්ත්වයක් පෙන්වන්න යොදාගතයුතු දෙයක් නොවේය කියලා මා සිතන්නෙ’ ඇය කියයි.
නිරුවත යනු අපට උරුම දෙයක් බව පෙන්වා දෙන ඇය නිරුවතින් ඉපිදෙන මිනිසා වර්තමානයේ හුරුව සිටින අයුරින් ඇදුමින් පැළදුමින් විලිවසාගෙන එය ඇසුරින් තමන්ගේ සමාජ තත්ත්වය පෙන්වීමට උත්සාහ කිරීම අත්හළ යුතු බව පවසයි.පුහු ආටෝපයන්ගෙන් තොරව සරලව ජීවත්වීමෙන් සැබෑ ස්වරූපය සමාජයට පෙන්වීමටත් වැරදි ඇතොත් ඒවා නිවැරදි කරගැනීමටත් අවස්ථාව ලැබෙන බව ඇය පෙන්වයි.
නිරුවතින් ගැවසුනද නගරයේ කිසිවෙකුගෙන් ඇයට මේ දක්වාම කිසිදු ගැහැටක් අත්වී නොමැති බව සඳහන්ය.ඇය පවසන ආකාරයට ඔවුන් තමන්ව උද්යෝගීමත් කරනවා විනා කිසිදු අයුරකින් තමන්ට බාධා වන පරිදි හෝ අපහාසාත්මක ලෙස නොහැසිරේ.
‘මේක සැබෑ නිදහස ගැන අනෙක් අයට කියාදීමට මා ගත් උත්සාහයක්.ඔබ ඔබට දැනට උරුම වෙලා තියෙන පෙනුමින් සෑහීමකට පත්වෙන්න.එය ඔබේ මනසට ලොකු සහනයක් අත්කරදේවි.සමාජය අපේක්ෂා කරන ලෙසට හෝ මාධ්‍ය වලින් පවත්වන සංදර්ශන වලට අනුව හෝ ඇදුම් පැළදුම් ඇඳීම ඔබ කළයුතු නැහැ. සරල වෙන්න. නිදහස් වෙන්න.’ ඇය පවසයි.
Monday, March 23, 2015
ඇඟේ නූල්පටක්වත් නැතිව රැකියාවට වෙළඳපලට යන කලාකාරිනිය (පින්තුර)
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)







No comments:
Post a Comment