මහවැලි පරිසර නියෝජ්‍ය අමාත්‍ය වසන්ත අලූවිහාරේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මොරගහකන්ද ජලාශය ඉදිකිරීම නිසා ඉඩම් හා දේපොළ අහිමි වූ පවුල් මුහුණ පා සිටින ගැටලූ පිළිබදව පසුගියදා පැවති සාකච්ඡවකදී උණුසුම් තත්ත්වයක් ඇති විය.
මාස දෙකක් තුළ ගැටලූවලට විසදුම් ලබා දෙන බවට නියෝජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කිරීමත් සමග ඇති වූ උණුසුම්කාරී තත්වය සමග ජනතාවගේ හූ හඩ මැද්දේ අමාත්‍යවරයාට ආපසු හැරීයාමට සිදුවිය.
මොරගහකන්ද ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති ආර්.ඒ.ඞී ජයතිලක මහතා සදහන් කරන්නේ මාස දෙකක් තුළ විසදුම ලබා දෙන බවට කරන ප‍්‍රකාශ තමන්ට පිළිගත නොහැකි බවයි.
රජයේ දින සියයේ වැඩ පිළිවෙළ යටතේ තම ගැටලූවලට කඩිනම් විසදුම් ලබා දිය යුතු බවද ඔහු කියා සිටී.
Tuesday, March 3, 2015
නි. ඇමතිට ‘හූ’ කියා පන්නති..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment