ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ විශේෂ පණිවිඩයක් රැගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමු වීම සඳහා ඊයේ දිනයේ අනුර ප‍්‍රියදර්ශණ යාප, සුසිල් පේ‍්‍රමජයන්ත, ජෝන් සෙනෙවිරත්න, ජනක බණ්ඩාර තෙන්නකෝන්, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, මහින්ද සමරසිංහ, මහින්දා යාපා අබේවර්ධන යන යන මන්ත‍්‍රිවරුන් ඔහු නුගේගොඩ නැවතී සිටි ඒ මහතාගේ සහෝදරියගේ නිවසට ගොස් තිබේ.
ඔවුන් එහිදී රාජපක්‍ෂ මහතාගෙන් ප‍්‍රධාන ලෙසම ඉල්ලා අත්තේ විමල් වීරවංශලාගේ වැඬේට උදවු කර පක්‍ෂය දෙකඩ නොකරන ලෙසයි.
එහිදි ඔවුන් සියළු දෙනාගේ ඉදිරිපත් කිරීම් අසා සිටි හිටපු ජනාධිපතිවරයා ඇත්තේ මෙසේය.
‘මම පක්‍ෂය කඩන්නෙ නෑ. හැබැයි මට ඡුන්දෙ දුන්න අයට ස්තුති කරන එක හොඳ වැඩක්. ඒක කරන්නෙ මට පහුගිය මැතිවරණෙදි උදවු කරපු අය නම් මං ඒකට ආශිර්වාද කරන්න ඕනි. අනිත් එක ඔයගොල්ලො කරන්න ඕන මේ එක එක්කෙනාගෙ රැස්වීම් ගැන කලබල වෙලා හොය යන එක නෙමෙයි.
ඔයගොල්ලො ඉස්සරවෙලාම පොදු හතුරා අඳුනගෙන ඒ සටන අතට ගන්න එක පක්‍ෂයක් විදිහට. එහෙම නොකර අනිත් අය පිටිපස්සෙන් එලවන එකේ තේරුමක් නැහැ. කලබල නොවී ඔයගොල්ලො සටන අතට ගන්න. එහෙම නැතිව අරය මෙයා කරන රැස්වීම්වලට එයා යනව මෙයා යනව කියල තහනම් කරල ඔයවගේ දේවල් නවත්වන්න බෑ.
තහනම් කලාම වෙන්නේ වැඩියෙන් යන එක. ඔයගොල්ලො පොදු සතුරා අඳුනගෙන ඒ සටන් පෙරමුණට එකතු වෙන එක තමයි කරන්න ඕන මිසක් එජාපයත් එක්ක දීග කන එක නෙමෙයි’
එහිදී යළිත් නියෝජිත පිරිස අදහස් දක්වමින් මෙහෙම ගියොත් ශ‍්‍රිලනිපයට දින්න බැරිව යන බවත් ජයග‍්‍රහණය අසීරු බත් පෙන්වා දී තිබේ.
මහින්ද රාජපක්‍ෂ මහතා ඊට මෙසේ පැහැදිලි කර ඇත.
‘මම මගේ පක්‍ෂය දාල ගියේ නෑ කවදාවත්. දැං ඉන්න සමහර නායකයො තමයි ගියේ. දැං ඔයගොල්ලො මාත් එක්ක කතා කරන්නේ මං පක්‍ෂය දෙකඩ කරන්න හදනව වගේ. එත් මම එහෙම එකක් කරල නෑ. හැබැයි හොඳට මතක තියාගන්න මහින්ද කියන්නේ පක්‍ෂයෙ සාමාජිකයෙක් විතරක් නෙමෙයි පක්‍ෂය ගොඩනගපු කෙනා.
මම තමයි පාද යාත‍්‍රා කරල, ජනඝෝෂා කරල 1994දි පක්‍ෂය දිනෙවුවෙ. ඒත් එදා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති වුණා මිසක් මම නෙමෙයිනෙ ජනාධිපති වුණේ. මම සටන් කලේ පක්‍ෂය ජයග‍්‍රහණය කරන්න.
මම රටේ ප‍්‍රශ්ණවලට උත්තර දීපු කෙනා.
දැන් මට එක එක තැන්වල අභූත චෝදනා නගනව. මගේ දරුවන්ගෙන් පළිගන්නව. පවුලෙ අයගෙන් පලිගන්නව. මගෙත් එක්ක ඉන්න මිනිස්සුන්ට විනය පරීක්‍ෂණ තියනව. ඔයාල පක්‍ෂයෙ දැන් තීන්දුගන්න අයගෙන් ගිහින් අහන්න ඉස්සෙල්ලම ඇයි මට එහෙම කරන්නෙ කියල. මං ඔයාලගෙ අනුශාසකනෙ. පක්‍ෂයෙ අනුශාසක විදිහට මට විරුද්දව ඇයි එහෙම කටයුතු කරන්නෙ.
පාක්‍ෂිකයන්ගෙ සිතුම් පැතුම් තේරුම් නොගන වැඩ කලොත් ඔවුන් පක්‍ෂය දාල යන එක නතර කරන්න බෑ. ඉස්සරනම් ජනතාව කිවුවෙ ජනතාව වැඩියි කියල. දැන් කියන්නෙ ජනාධිපතිවරු වැඩියි කියල.
මම කවදාවත් පක්‍ෂය දාල ගියේ නෑ. මං පක්‍ෂ නායකත්වය ගත්තෙ ජනාධිපති වෙලා මාස හතකට පස්සෙ.
මාස හතක්ම චන්ද්‍රිකා තමයි පක්‍ෂයෙ නායකය වෙලා හිටියෙ. ඔයගොල්ලොම නේද මට ඒ වෙලාවෙ යෝජනා කලේ මට පක්‍ෂයෙ සභාපති වෙන්න කියල. නේද සුසිල්, නේද අනුර. ඔයාල කිවුව හින්ද නේද මං පක්‍ෂයෙ සභාපති කම ගත්තෙ.
දැන් ඔය මට බොරුවට චෝදනා කරන ඩිලාන්ල, චන්ද්‍රිකාල, එස්බීල වගේ අය මට තැන්තැන්වල බැන බැන යන්නෙ ඇයි කියල පක්‍ෂයක් විදිහට ඔයගොල්ල ඇහුවද? පක්‍ෂ නායකයන්ගෙන් ඇහුවද? ඔයාල එහෙම අහල මාත් එක්ක කතා කරන්න එන්න.
එතකොට අපි කතාබහ කරමු’ අවසානයේ ශ‍්‍රීලනිප ලොක්කෝ ‘අපි එහෙනම් ගිහිල්ල පක්‍ෂ නායකයත් එක්ක කතා කරල පස්සෙ හම්බවෙන්නම්’ කියා පිටව ගොස් තිබේ.
Thursday, March 19, 2015
Home
දේශපාලන පුවත්
එදා මිනිස්සු කිවුවෙ ඇමති මණ්ඩලය වැඩියි කියල.. අද කියන්නෙ ජනාධිපතිවරු වැඩියි කියල.. – මහින්ද
එදා මිනිස්සු කිවුවෙ ඇමති මණ්ඩලය වැඩියි කියල.. අද කියන්නෙ ජනාධිපතිවරු වැඩියි කියල.. – මහින්ද
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment