මෙරට පුද්ගලයින්ට අයත් ඩොලර් බිලියන 02 කට වැඩි වත්කම් තිබෙන බැංකු ගිණුම් තුනක් ඩුබායි ජාතික බැංකුවේ තිබෙන බව අනාවරණය කරගෙන තිබෙන බවත් ඒවා නැවතත් ලංකාවට ලබාගැනීම සඳහා ඒ පිළිබඳව කටයුතු කරන ඇමරිකානු සහ ඉන්දියානු ආයතන වලට භාරදී තිබෙන බවත් කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කීය.
ඔහු අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේ මේ ආකාරයෙන් මෙරට ඇතැම් පුද්ගලයින් ඩොලර් බිලියන 10 ක පමණ වත්කම් මෙරටින් රැගෙන ගොස් ඇතැයි හෙළිවී තිබෙන බවත් එය මෙරට විදේශ සංචිතයට වඩා වැඩි බවයි.
පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව ඩුබායි ජාතික බැංකුවේ තිබෙන මෙම ගිණුම් තුනේ මුදල් වලින් කොටසක් ආපසු ලබාගෙන තිබෙන බවත් ඒවා වෙනත් රටකට ගෙන යන්නට ඇතැයි සැක කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර, මේ ආකාරයෙන් විදේශ රටවලට ගෙන ගොස් තිබෙන වත්කම් නැවතත් ලංකාවට ගෙන ඒම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් රාජ්‍ය වත්කම් ආපසු ලබාගැනීම පිළිබඳ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් රජය විසින් පිහිටුවා තිබේ.
– adaderanabiz.lk
Friday, March 20, 2015
හොරු ඇල්ලූවා.. ඩුබායි බැංකුවක ඩොලර් බිලියන දෙකක් සඟවලා..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment