මහින්ද පැරැද්දුවේ අපි කියන මැති ඇමතිලා මහින්ද දිනවන්න දෙයක් කලේ නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 20, 2015

මහින්ද පැරැද්දුවේ අපි කියන මැති ඇමතිලා මහින්ද දිනවන්න දෙයක් කලේ නෑ

තම සංවිධානය නිසා මහින්ද රාජපක්‍ෂ මහතා පැරදුනේ යයි චෝදනා එල්ල කරන ඇමතිලා ඔහු දිනවන්න කලේ මොනවාදැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප‍්‍රශ්ණ කරති.

‘සිංහල බෞද්ධ කියාගන්න ඒත් සිංහලයන් ගැන වචනයක් කතා නොකරන මැති ඇමැතිලාට මහ මැතිවරණයක් ළං වෙද්දී වෙස් පෙරළෙනවා. 

ඔය මන්ත‍්‍රීවරු මුස්ලිම් ඡන්ද ටික බලාගෙන අපිට කරන චෝදනාවලට මැතිවරණයේදී මේ රටේ සිංහල ජනතාවට උන්ට උත්තර දේවි. අපි මහින්ද පැරැද්දුවා කියන මැති ඇමැතිලා මහින්ද දිනවන්න අබමල් රේණුවක දෙයක් කළේ නෑ. 

යටින් උගුල් අටවපු එක තමයි සිද්ධ කළේ’ යයිද උන් වහන්සේ කියා සිටියේ එම සංවිධාන මුලස්ථානයේදී මාධ්‍ය අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad