මහින්ද දිනවන ගාල්ලේ වේදිකාවට නගින පළමුවෙනියා මමයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 20, 2015

මහින්ද දිනවන ගාල්ලේ වේදිකාවට නගින පළමුවෙනියා මමයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා කරවීමට ගාල්ලේ රැස්වීමක් පවත්වන්නේ නම් එම වේදිකාවට මුලින්ම ගෙජාවන්නේ නමන් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

‘පාර්ලිමේන්තු මන්ත‍්‍රීලා බහුතරයක් ඉන්නේ මහින්ද  ඕනේ කියන මතයේ. ඒක කියන්න බැරුවයි ඉන්නේ. මම ගිහිල්ල එතුමා මුණගැහිලා දුක සැප බලලා අපි මේ වැටිච්ච මඩ ගොහොරුවෙන් ගොඩ එන්න එතුමාට මැදිහත් වෙන්න කියන ආරාධනාව කරලා ආවේ.

අපේ රටේ දේශපාලනයේ දැවැන්ත කාර්ය භාරයක් භාර ගන්න ලෑස්ති පිට එතුමා ඉන්නවා. පක්ෂයෙන් ඒක අහුරන්නේ නැතිව එතුමාව පැත්තකට දාන්න එපා කියලා කියන ආරාධනාව තමා අපි කරන්නේ.

එතුමා වෙනුවෙන් නුගේගොඩ රැස්වීමට මම නැග්ගේ නෑ. නුවරටත් මම නැග්ගේ නෑ. හැබැයි ගාල්ලේ රැස්වීමක් තියෙනවා නම් පළවැනියෙන් නගින්නේ මම’ යයිද ඔහු ගාල්ලේදී ජනහමුවක් අමතමින් කීය.

No comments:

Post a Comment

Post Bottom Ad