මහින්ද, ගම්මන්පිළ, විමල්ගේ ෆේස්බුක් පිටුවලට සයිබර් ප‍්‍රහාරයක්ද? - මෙන්න ඇත්ත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 19, 2015

මහින්ද, ගම්මන්පිළ, විමල්ගේ ෆේස්බුක් පිටුවලට සයිබර් ප‍්‍රහාරයක්ද? - මෙන්න ඇත්ත

පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිළ මහතාගේ ෆේස්බුක් රසික පිටුව වෙත සයිබර් ප‍්‍රහාරයක් එල්ල වී ඇතැයි ඔහු පවසයි. 

උදය ගම්මන්පිල මහතාගේ ෆේස්බුක් ගිණුමේ මනාප 1200 ක්, මහින්ද රාජපක්ෂ මහතාගේ 15,800ක්, විමල් වීරවංශ මහතාගේ 4,100 වැඩි සංඛ්‍යාවක්ද සුළු කාලයක් තුල අඩුවී තිබේ. 

මෙවැනි දෙයක් සිදුවිය හැක්කේ යම් විරුද්ධවාදියෙකු විසින් බොට් යනුවෙන් හදුන්වන පරිගණක වැඩසටහන් භාවිතා කර මනාප අඩු කිරීමේ ක‍්‍රියාවලියක යෙදී සිටින්නේ නම් පමණක් බවට අර්ථකථනය කොට ඇති ගම්මන්පිල මහතා ඒ පිළිබඳව ෆේස්බුක් වෙතද පැමිණිල්ලක් ඉදිරිපත්කොට තිබේ. 

මේ ඇත්තෙන්ම සයිබර් ප්‍රහාරයක්ද?

සාමන්‍යයෙන් ෆේස්බුක් පිටුවක ලයික් කෘතිමව වැඩි කළ හැකි නමුත් තුන්වන පාර්ශවයකට කිසිදු ක්‍රමයකින් දැනට යම්කිසි පිටුවකට ලයික් කොට ඇති සංඛ්‍යාව අඩු කිරීමට නොහැක. 

දේශපාලඥයන්ගේ පිටුවල ලයික් ඉදිරියේදී අඩුවන බව අප විසින් පසුගිය 10 වනදා "දේශපාලඥයන්ගේ ෆේස්බුක් පිටු අනතුරේ?" යන ලිපිය මගින් හෙළිදරව් කළෙමු. 

ෆේස්බුක් වෙබ් අඩවිය ඉදිරි සතිය කිහිපය තුල ෆේස්බුක් දත්තයන්හි ඇති විශ්වාසනීයත්වය වැඩි කිරීම පිණිස ෆෙස්බුක්හි ඇති ව්‍යාජ ගිණුම්, ක්‍රියා විරහිත කරන ලද ගිණුම්, සිහිවටන ගිණුම් වලින් ෆේස්බුක් පිටු වලට එක්කරන ලද ෆේස්බුක් ලයික් ඉවත් කිරීමට කටයුතු කිරීමට සූදානම් වන බව එම ලිපිය මගින් අප පැහැදිලිකොට තිබුණි.

ෆේස්බුක් මේවනවිටත් එම ක්‍රියාවලිය ආරම්භ කොට ඇති අතර බොහෝ ෆේස්බුක් පිටුවල ඇති ව්‍යාජ ගිණුම්, ක්‍රියාවිරහිත කරන ලද ගිණුම්, සිහිවටන ගිණුම් ඉවත් කිරීම නිසා ලයික් ප්‍රමාණයේ අඩුවීමක් දක්නට ලැබේ. පසුගිය ජනාධිපතිවරණ සමයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පිටුවට පවා මෙවන් බලපෑමක් එල්ලවී තිබුණි.

ෆේස්බුක් විසින් නිකුත් කරන ලද නිවේදනය 



No comments:

Post a Comment

Post Bottom Ad