ජාතික ගීය දෙමළ බසින් ගැයීමට භාධාවක් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පැවසීමත් සමග ඒ පිළිබඳ සංවාදයක් ඇතිව තිබේ. මෙම තීරණයට අකමැති මෙන්ම කැමති පිරිස්ද සිටී.
සමහරුන්ගේ අදහස එකම රටකට භාෂා දෙකකින් ජාතික ගී තිබිය යුතු නැති බවය. තවත් පිරිසකගේ මතය එහි වරදක් නැති බවය. අන්තර්ජාලයේ තොරතුරු සොයා බැලීමේදී අපට දක්නට ලැබුණේ රටවල් කිහිපයක් භාෂා දෙකකින් හෝ කිහිපයකින් තම ජාතික ගී නිර්මාණය කර ඇති අයුරුය.
කැමරූන් රාජ්‍යයේ ජාතික ගීය ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා දෙකෙන්ම ගායනා කරනු ලබන අතර කැනඩාවද තම ජාතික ගීය එම භාෂා දෙකෙන්ම නිර්මාණය කොට ඇත. අයර්ලන්තය තම ජාතික ගීය සඳහා ඉංග්‍රීසි සහ අයිරිෂ් භාෂා යොදාගෙන තිබේ.
නවසීලන්තය ඉංග්‍රීසි සහ මාඕරි භාෂාවන්ගෙන්ද, ස්විට්සර්ලන්තය ජර්මන්, ප්‍රංශ, ඉතාලි සහ රොමෑන්ස්ච් යන භාෂා හතරෙන්මද තම ජාතික ගීය නිර්මාණය කර ඇත.
දකුණු අප්‍රිකාවද භාෂා කිහිපයකින් තම ජාතික ගීය නිර්මාණය කර ඇති රටක් වන අතර එහි විශේෂත්වය නම් ජාතික ගීයේ කොටස් එකිනෙකට වෙනස් භාෂා වලින් නිර්මාණය කිරීමය. මේ සඳහා ඔවුන් ඉංග්‍රීසි, කෝසා, සූලූ, සෙසොතෝ සහ ඇෆ්රිකාන්ස් යන භාෂා පහම යොදා ගනී.
සම්පූර්ණ විස්තරය මෙතනින් බලන්න
Thursday, March 19, 2015
භාෂා දෙකකින් ජාතික ගී ඇති රටවල් මෙන්න
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment