ශ්‍රී ලංකා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකාවට පරාජයවීමෙන් පසුව ලෝක කුසලාන සිහිනය බොඳවී යාම ගැන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග ඊයේ සවස කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් පළකරමින් කියා සිටියේ වරද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගේ හා තේරීම් කමිටුව සතු බවයි.
'බලන්න අර කුසල් ජනිත් සනත් වගේ ගහනවා කියල ඒ ළමයව ගෙනියනවා අන්තිම දවසේ අන්තිම තරගයට. මේකේ තේරුම මොකක්ද? අවසන් පූර්ව තරගයකදී ගිහිල්ලා දානවා දඩාං කියලා
ගහන්න. මොකක්ද මේක සැලැස්මක්ද?
මේ අය කරන්නේ අද දවසේ ජීවත් වෙන එක විතරයි. මේ ලෝක කුසලානයෙන් පස්සේ අද ඉන්න තරුණ ළමයි හරියට ගැට ගහලා ලිහපු අය බවට පත්වෙයි. මම හිතනවා ප්‍රවීණ ක්‍රීඩකයන් විශ්‍රාම ගිහාම අලුත් ක්‍රීඩකයන්ට මනස හදාගෙන ක්‍රීඩා කරන්න අවස්ථාව දෙන්න ඕන කියලා.
ක්‍රීඩකයෙක් කොච්චර වාර්තා තිබ්බත්, ගිනස් පොතට ගියත් වැඩක් නෑ ඒ ක්‍රීඩකයා රටට ආදරෙන් ක්‍රීඩා කළේ නැත්නම්. ගියවරත් ලෝක කුසලානයෙන් පස්සෙ අපට ප්‍රශ්න ආවා මොකද ප්‍රවීණ ක්‍රීඩකයන් කිහිපදෙනෙක් විශ්‍රාම යනවා.
හැබැයි මේ කාලේ වෙනකොට තේරිම් කමිටුවවත්, ප්‍රවීණ ක්‍රීඩකයන්වත් තරුණ ක්‍රීඩකයන් හදාගන්න හැදුවේ නෑ. අපි ඒ කාලෙ අපේ ස්ථාන වෙනස් කරගත්තා. අංක හතර ක්‍රීඩා කරලා මම අංක පහට ගියා. 1996 පස්සේ මම අංක හයට ගියා. අපි මහේලට, සංගක්කාරට, ඩිල්ෂාන්ට මැදින් ක්‍රීඩා කරන්න දීලා මේ ක්‍රීඩකයෝ ටික හැදුවා.
අරවින්ද එයාගේ ස්ථානයෙන් පස්සට ආව තව ක්‍රීඩකයෙක් හදන්න. අද ඉන්න ප්‍රවීණ ක්‍රීඩකයන් ඒ තත්ත්වය හැදුවේ නෑ. මම ඒ ගැන කණගාටුවෙනවා. මම ක්‍රීඩකයන්ට බනින්නේ නෑ. තෙරීම් කමිටුව දැනගන්න ඕන අද ජයග්‍රහණය හිතනවා වගේම අනාගත ජයග්‍රහණය ගැන හිතන්නත්.
අපේ ඉන්න තේරීම් කමිටුව පසුගිය කාලය පුරාම එහෙම තත්ත්වයට මුහුණ දුන්නේ නෑ. ඒකෙන් අද ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටෙනවා.
ක්‍රිකට් ක්‍රීඩාව කඩාවැටෙන්නේ ලෝක කුසලානයෙන් පස්සේ.
ප්‍රවීණ ක්‍රීඩකයෝ වාර්තා තියලා ගෙදර යයි. දැන් ඉන්න ක්‍රීඩකයන්ට කණ්ඩායම තුළ ස්ථාවරත්වයක් නෑ.
අපි තරුණ ක්‍රීඩකයන්ට ස්ථාවරත්වයක් ලබලා දුන්නා. ඒ ක්‍රීඩකයන්ට මනස තිබුණා ඕනැම තැන ක්‍රීඩා කරන්න. අපේ තරුණ ක්‍රීඩකයන් කොච්චර දක්ෂ වුණත් ඇඟ බැඳලා ක්‍රීඩා කරනවා වගේ. ඒකට ක්‍රිකට් ආයතනය, තේරීම් කමිටුව වගකියන්න ඕන.
ඇන්ජලෝ මැතිව්ස් නායකයෙක් ලෙස මම ගොඩක් ගරු කරන කෙනෙක්. හොඳ දියුණුවක් තියෙනවා. නමුත් මේ ප්‍රවීණ ක්‍රීඩකයන් තිදෙනා විශ්‍රාම ගියාම ඇන්ජලෝ මැතිව්ස් මීට වඩා හොඳ නායකයෙක් වෙන්නත් පුළුවන්. හැබැයි තරුණ ක්‍රීඩකයන්ගේ මනස හදලා ඒ අයට විශ්වාසය දුන්නේ නැත්නම් ඒ අය කවදාවත් හදාගන්න බෑ.
දැක්මක් එක්ක යන්න ඕන. මට එහෙම අවස්ථාවක් තියෙනවානම් මම කියන්නේ අලුත් ක්‍රීඩකයෝ ටිකක් ඇවිල්ලා ඒ අයට සෑහෙන කාලයක් දෙන්න ඕන. අපි තරග පරදියි. ඒක ඉවසගෙන ඉන්න ඕන. අවුරුද්දක් දෙකක් යනකොට මේ ක්‍රීඩකයන්ගේ මනස හරියට හැදුවොත්, දේශපාලනය ක්‍රීඩාවට එන්නේ නැතිව ගියොත්, අනවශ්‍ය පුද්ගලයන් ආවේ නැති වුණොත්, අපිට මේ ක්‍රීඩාව හදන්න පුළුවන්.
මම රටවල් වල ගිය කෙනෙක්. අපි තරම් උත්පත්තියෙන් දක්ෂ ක්‍රීඩකායෝ ලෝක කොහෙවත් නෑ. මම ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස එනවද කියල තාම හිතනවා. ඇවිත් වැඩ ටිකක් කරන්න පුළුවන්.
ක්‍රිකට් ආයතනයට යනවානම් අඩුගානේ දවසකට පැය පහක් හයක් මම එතන ඉන්න ඕන ඒ හොරකම් නවත්වන්න නම්. ඒකට දැන් මට කාලය ටිකක් අමාරුයි. මම සති දෙකක් ඇතුළත තීරණය ගන්නවා.
Thursday, March 19, 2015
අපි මැච් පැරදුනේ සීනියර්ස්ලගෙයි තෝරපු අයගෙයි වරදින් - අර්ජුන රණතුංග
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment