කොටි ත්‍රස්තවාදීන්ගේ ස්වයං පාලන ගමනේ පලමු පියවර තබමින් රටේ සියලුම වර්ගයා එකම භාෂාවකින් ගැයු ජාතික ගීය දමිළ භාෂාවෙන්ද ගායනා කිරිමට මෛත්‍රීපාල ජනාධිපතිවරයා අවස්ථාව උදාකර දි තිබේ.
‘ශ්‍රී ලංකා මාතා .. අප ශ්‍රී ලංකා ... නමෝ නමෝ නමෝ මාතා .... ‘ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනයට ඉඩ දෙමින් මෛත්‍රීපාල සිරිසේන ජනපති සියලු ආයතනවලට චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතය.
ජනපතිගේ මේ තීරණය අනුව 2010 සිට ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනය සම්බන්ධයෙන් පනවා තිබු නිල නොවන තහනම ඉවත් කෙරෙනුයේ ප්‍රජාතන්ත්‍රවාදී මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා ජාතික විධායක සභාවේදී අඟහරුවාදා ඉදිරිපත් කළ යෝජනාවක් අනුවය.
ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට නොහැකි බව කියමින් මහින්ද රාජපක්ෂ රජයේ හිටපු ස්වදේශ ඇමැති ජෝන් සෙනවිරත්න මහතා 2010 දෙසැම්බර් 12 වැනිදා ඇමැති මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළ අතර මහින්ද රාජපක්ෂ ජනපති ඊට නිල වශයෙන් ප්‍රතිචාරයක් නොදැක්වු නමුත් දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට රජය කැමැත්තක් නැති බවට මතයක් පළ විය.
මේ ලියන මම ජාතිවාදියෙක් නෙමෙයි. නමුත් ඒකීය රටක භාෂා දෙකකින් ජාතික ගීය ගයන එක හරිද කියන ප්‍රශ්නය අපටද තිබෙන ප්‍රශ්ණයක්.ඉන්දියාවේ භාෂා කීපයක් තිබෙනවා, පිලිපීනයේත් තිබෙනවා.
එහෙත් ඒ රටවල මේ වගේ ප්‍රශ්නයක් තිබෙනවාද කියන එකත් ජාතික කොඩිය ගැන දවසක ප්‍රශ්ණ කරන්න පටන් ගත්තොත් එදාල මෛත්‍රීපාලලා මොනවා කරයිද යන්නත් හිතන්නට වෙනවා.
සිරිසේන උන්නැහේ අවසර දෙනකොට දමිළ භාෂාවෙන් ගායනා කරලත් ඉවරයි හිටන්,,,,,,
lankanewsweb.today
Thursday, March 19, 2015
ස්වයං පාලනයේ පලමු පියවර තියයි - කොටියා දිනුම්
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment