අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් එක්සත් සේනාරත්න තම කාම ආශාවන් සපුරා ගැනීම සදහා අසරණ දැරියකගේ ජිවීතයක් බිල්ලට ගෙන ඇති බවට අදාළ දැරියගේ දෙමාපියන් පසුගිය දිනවලදී මාධ්‍යට කරුණු සදහන් කලා.
එම දෙමාපියන් මාධ්‍ය වෙත හැඩු කදුලින් කියා සිටියේ බාල වයස්කාර දැරියක් වන දිනිති ආලෝකා දැරිය බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් රාජිත සේනාරත්න අමාත්‍යරයාගේ පුත් එක්සත් සේනාරත්න විසින් ඇය බිරිද වශයෙන් රදවා තබා ගෙන ඇති බවයි.
මේ සම්බන්ධයෙන් දිගින් දිගටම අමාත්‍ය රාජිත සේනාරන්ට පවසා විසදුමක් ලබා ගැනීමට බලාපොරොත්තු වුවත් අමාත්‍යරයා ඒ කිසිදු කාරණාවකට ඇහුන්කන් නොදීම නිසා මාධ්‍ය ඉදිරියේ මේ බව ප්‍රකාශ කිරීම සදහා තීරණය කල බවයි දැරියගේ දෙමාපියන් කියා සිටියේ.
නමුත් කතා කල යුතු කාරණය මෙය නොවේ.ආණ්ඩුවට කඩේ යෑම සහ රටේ නිතීය බල්ලාට යෑම සදහා මේ ළගදී ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් මත පත්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි ,රුවන් ගුණසේකර කියා සිටියේ මේ සම්බන්ධයෙන් පොලිසිය නිත්‍යානූකූල ලෙස පරීක්ෂණ සිදු කර ඇති බවයි.
නමුත් මේ ගැටළුවේදී පොලිසිය ක්‍රියාකල ආකාරය සම්බන්ධයෙන් දැරියගේ දෙමාපියන් විසින් අප වෙත ලිපියක් යොමු කර තිබේ.ඒ කරුණු සැලකිල්ලට ගැනිමේදී පෙනී යන්නේ දිනිති ආලෝකා බාල වයස්කාර දැරියට සාධාරණය ඉටු කිරීමේදී නිතීයේ ඇස් රෙදි කඩකින් වසා ඇති බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශගේ ප්‍රකාශය අභියෝගයට ලක් කල දිනීතිගේ දෙමාපියන්
දිනිති ආලෝකාගේ ඇත්ත උප්පැන්න සහතිකය
lankanewsalert ඇසුරෙනි
Thursday, March 19, 2015
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන්නේ බොරු!
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)







No comments:
Post a Comment