ශ්‍රිලනිප,සන්ධාන මොඩයන්ට මොලය පැදේ- මහින්ද නැති ගමනක් නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 19, 2015

ශ්‍රිලනිප,සන්ධාන මොඩයන්ට මොලය පැදේ- මහින්ද නැති ගමනක් නෑ

ජනපති මහින්ද රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට ගෙන ඒම සම්බන්ධයෙන් පවතින ගැටලුවට ලගදිම විසදුමක් ලැබිමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙත් කුඩාම කණ්ඩායම බවට පත්ව සිටින මෛත්‍රීපාල ජනාධිපතිවරයා සහිත කණ්ඩායම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කඩා දමා පාක්ෂිකයන්ගේ උදහසට ලක්නොවි සිටිම වැදගත් බව මෙම කණ්ඩායම හදුනාගෙන් තිබෙන බව වාර්තා වේ.

ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැදගත් තීන්දු කිහිපයක් ගන්නා බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට ගෙන ඒම සම්බන්ධයෙන් පවතින ගැටලුවට එහිදී විසඳුම් ලැබෙනු ඇති බවත් එම පක්ෂයේ උපලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයේදී අද පවසා තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා සන්ධාන අගමැති අපේක්ෂ කළ යුතු බවට පවත්වන මීළඟ ජනරැලිය රත්නපුරයේදී රැස්වීමට පෙර මෙම තීරණ ගන්නා බවද උප ලේකම් කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වනු ඇති බවට එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ ඇති ප්‍රාර්ථනය කිසි දිනෙක ඉෂ්ට නොවන බව කී අමරවීර මහතා ශ්‍රීලනිපය ගන්නා තීන්දු තීරණවලින් පසු එම පක්ෂ දෙක හදිසි මැතිවරණයක් කියනු ඇතැයිද ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad