තමන් බලාපොරොත්තුවන මන්ත්‍රි ධුර 10ක් එක්ස්ත් ජාතික් පක්ෂයෙන් ලබාදිමට කටයුතු නොකරන්නේ නම් එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් පැන්නිමේ සටන යලිත් ක්‍රියාත්මක කිරිමට තමන් සුදානම් බව සිරස සභාපති රාජේන්ද්‍රන් රාජාමහේන්ද්‍රන් හෙවත් කිලී මහරාජා එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දි තිබෙන බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.
මහා මැතිවරණයට තමන්ගේ අනුග්‍රාහකන් 3 තිදෙනෙකු ජාතික ලැයිස්තුවෙන් සහ තවත් 7 දෙනෙකු දිස්ත්‍රික්ක 4ක් නියෝජනය කරමින් ඉදිරිපත් කිරිමට අවස්ථාවක් ලබාදිය යුතු බවයි කීලී රනිල්ට දන්වා යවා ඇත්තේ.
කොළඹ,මාතර,ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක මෙම් නියෝජනය සදහා ඉල්ලා තිබේ. 2010 මහා මැතිවරණයේදි තමන් ඉල්ලු මන්ත්‍රිධුර සංඛ්‍යාව ලබාදිමට රනිල් කටයුතු නොකිරිම් නිසා කිලී එක්සත් ජාතික පක්ෂ නායකත්වය එලවා දැමිම සදහා මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.
මේ අතර එළැඹෙන මහ මැතිවරණයේදී සිරස සභාපති රාජේන්ද්‍රන් රාජාමහේන්ද්‍රන් හෙවත් කිලී මහරාජා ජාතික ලයිස්තුවෙන් පත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අභිනව පාර්ලිමෙන්තුවට පත් වීමට නියමිතයි.
ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් ජාතික ලැයිස්තුවෙන් බවත් මේ වන විට මීට අදාල එකඟතාවන් සියල්ල සිදුකර හමාර බවත් නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග තහවුරු කළා.
lankanewsweb.today
Thursday, March 19, 2015
කිලී එජාපයෙන් මන්ත්‍රීවරුන් 10ක් ඉල්ලයි- නැත්නම් රනිල් එලවනවා
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment