මහින්ද කම්කරු පක්ෂයෙන් අගමැති සටනට! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 19, 2015

මහින්ද කම්කරු පක්ෂයෙන් අගමැති සටනට!

ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ දැනට ලියාපදිංචි කොට ඇති ඡන්ද ලකුණ වන "කැන්ගරුවා සලකුණ" වෙනස් කරදෙන මෙන් එම පක්ෂයේ නායක ඒ.එස්.පී. ලියනගේ මහතා මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඊයේ (17) ලිඛිත ඉල්ලීමක් කර තිබේ. 

එම ඉල්ලීමෙන් දැක්වෙන්නේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සිය පක්ෂය පුළුල් මෙහෙයුමක් දියත් කිරීමට යනබවත්, පවතින ඡන්ද ලකුණ ශ්‍රී ලංකාවේ ජනතාවට මදි බවක් දැනෙන නිසා එය වෙනස් කරදෙන ලෙසයි.

අදාළ ලිපියත් සමග හිටපු ජනාධිපතිවරයා නැවත දේශපාලන කරළියට පැමිණෙන්නේ ශ්‍රී ලංකා කම්කරු පක්ෂයෙන් බවට දේශපාලන ලෝකයේ කතාබහක් ඇතිවී තිබේ. 

එය සනාත කරමින් ඒ.එස්.පී ලියනගේ මහතා Xinhuwa පුවත් සේවය වෙත පවසා ඇත්තේ හිටපු ජනාධිපතිවරයා නිදහස් පක්ෂයේ දේශපාලඥයන් සමග සාකච්ඡාකොට ඔවුන්ගේද කැමැත්ත ගෙන ඒ සම්බන්ධව දැනටමත් තීරණයකට එළඹ ඇති බවත් යනුවෙනි. 

ඒ.එස්.පී. ලියනගේ විසින් මැතිවරණ කොමසාරිස් වරයා වෙත යවනු ලැබූ ලිපිය බලන්න පහතින්. 



No comments:

Post a Comment

Post Bottom Ad