මම දණින් වැටෙන්නේ නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 17, 2015

මම දණින් වැටෙන්නේ නෑ

තමා ඡන්දයට ඉදිරිපත් වනවාට රටේ ජනතාව කැමති නමුත් අගමැතිකම ඉල්ලා කිසිදු කෙනෙකු අභියස දණින් වැටීමට තමන් සුදානම් නොමැති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කල බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රි පියල් නිශාන්ත පවසයි.

අප කල විමසීමකදී ඔහු මේ බව සදහන් කලා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත වරක් දේශපාලනයට රැගෙන ඒම පිළිබදව අද (17) අභයාරාමයේදී සාකච්ඡාවක් පැවැත්වුණා.මේ සදහා බහුතරයක් පළාත් සභා මන්ත්‍රිවරුන් පැමිණ සිටීම සුවිශේෂිවූ බවයි පියල් නිශාන්ත අප කල විමසීමේදී සදහන් කලේ.

මහින්ද රාජපක්ෂ ඉදිරියේදී බුළත් කොළයෙන් නොව කැන්ද කොළයෙන් හෝ පොල් කොළයෙන් හරි ඉදිරි මැතිවරණය සදහා ඉදිරිපත් වුවහොත් පළාත් සභා මන්ත්‍රිවරුන් මහින්ද රාජපක්ෂගේ ජය වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට යෝජනාවක් සම්මතවූ බවද මන්ත්‍රිවරයා සදහන් කලා.

එහිදී ප්‍රකාශයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ ,තමාට ඉදිරි තත්වය පිළිබදව තවම ප්‍රකාශ ලබා දිය නොහැකි බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ එහි පාක්ෂිකයන් ආරක්ෂා කර ගැනීමට පොරොන්දුවූ බවටද මන්ත්‍රිවරයා කියා සිටියා.

යහපාලනයට මුවාවී ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන් දඩයම් කිරීම අනුමත කල නොහැකි බවත් ඉදිරියේදී දේශපාලනයට පිවිසීමේ සුභ වාදි බලාපොරොත්තුව මහින්ද රාජපක්ෂ විසින් දැනටමත් ලබාදී ඇති බවද පියල් නිශාන්ත අප කල විමසීමේදී වැඩිදුරටත් සදහන් කලා.

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *