ආණ්ඩුවේ විපක්‍ෂය නායකයා වෙනුවෙන් නිමල් සිරිපාලද සිල්වා හා අනුර දිසානායක සටනක් ඇති වී තිබෙන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.එම පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා පවසන්නේ මේ ආණ්ඩුවේ කොටස් කිහිපයක් ඇති බවත් එක් එහි ජාතික විධායක සභාවේ අනුර, සුමන්තිරන්, හකීම්, චම්පික, රාජිත ආදීන් සිටියද ඉන්ද රාජිත, චම්පික කැබිනෙට්ටුව නියෝජනය කරන බවයි.
විධායක ජනාධිපතිවරයා නායකයාද වන ශ‍්‍රීලනපයේ නිමල් සිරිපාලද සිල්වා විපක්‍ෂ නායකයා වීම හා සමානම විහිළුවක් බවට අනුර දිසානායක විපක්‍ෂය නියෝජනය කරන්නට දතකෑම විහිළුවක් වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.
ඇවන්ගාඞ් විවාදයට පැමිණ මෙම සත්‍යවාදියා තම ප‍්‍රකාශයන්ගේ සත්‍යතාවය රට හමුවේ නොපෙන්වා ඔළුව වැල්ලේ ගසාගෙන කලිසම ගලවාගෙන සිටින බවද මුසම්මිල් මහතා කියා සිටියේය.
ජනාධිපතිවරණයේදී යහපාලන කණ්ඩායමට පහන ඇල්ලූ මෙම රතු කමිස කාරයන් අද රට වැටී ඇති ආතක් පාතක් නැති මහා විනාශකාරී තත්වයට වග කිව යුතුව ඇතැයිද පවසයි.
අනුර දිසානායක එජාප මැති ඇමතීන්ගේ පාර්ලිමේන්තුවේ ප‍්‍රශ්ණ කරන්නේ බොරුවට තරහ වූ පෙම්වතියක් සේ ඉතා පේ‍්‍රමණීයව යයිද ඔහු කියා සිටියේය.
No comments:
Post a Comment