‘බුදුබව අත්වෙයි අපිව බේරාගන්න’ – පොලොන්නරුවේ පුංචි මන්ත‍්‍රීන් මහින්දට දොහොත් මුදුන් තියා වැඳ වැටෙති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 20, 2015

‘බුදුබව අත්වෙයි අපිව බේරාගන්න’ – පොලොන්නරුවේ පුංචි මන්ත‍්‍රීන් මහින්දට දොහොත් මුදුන් තියා වැඳ වැටෙති..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවීමට ඊයේ දිනයේ බම්මබලපිටිය වජිරාරාමයට පැමිණි පොලොන්නරුව දිස්ත‍්‍රික්කය නියෝජනය කරන පළාත් පාලන මන්ත‍්‍රීන් 49 දෙනෙක් ඉල්ලා සිටියේ මීලඟ මැතිවරණයේදී අගමැති වශයෙන් තරඟ කර තමන්ව බේරා ගන්නා ලෙසයි.

පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන මන්ත‍්‍රීන් 70-80ක් අතර ප‍්‍රමාණයක් සන්ධානය නියෝජනය නරන අතර ඊයේ පැමිණි සිටි පිරිස අතර පසුගිය ජනාධිපතිවරණයේදී හංසයා දිනවීමට කටයුතු කල පිරිසක්ද වූහ.

හමුව ආරම්භයේදීම සිදුවූ විශේෂ දෙයක් නම් පැමිණ සිටි බොහෝ දෙනෙක් දෑත් එක්කොට වැඳ ‘අනේ ජනාධිපතිතුමනි අපිව බේරාගන්න. බුදුබව අත්වෙයි අපව බේරාගන්න’ යයි ඉල්ලා සිටීමයි.

‘දැන් ගමක මළ ගෙදරකට අපිට යන්න බෑ. මඟුල් ගෙදරකට යන්න බෑ. මිනිස්සු අහන්නෙ ඔබතුමා එන්නෙ කොහෙටද කියල. ඔඩතුමා මොන ලකුණකින් ආවත් අපිට ප‍්‍රශ්ණයක් නෑ. අපිට පක්‍ෂවලින් වැඩක් නෑ. ඹබතුමා නැති පක්‍ෂයක් වැඩක් නෑ. 

ඒ නිසා ඔබතුමා මේ සැරේ ඡුන්දෙ ඉල්ලන්න අගමැති අපේක්‍ෂකය වෙන්න. අපේ ජීවිත පූජා කරල හරි අපි ඔබතුමාව දිනවන්න ලෑස්තියි’ යයිද මන්ත‍්‍රීවරු අදහස් පල කලහ. සියල්ල අසා සිටි මහින්ද රාජපක්‍ෂ මහතා සියල්ලන්ට පිළිතුරු දෙමින් කියා සිටියේ ‘මං හැමදාව ජනතාව එක්ක හිටියෙ. 

ජනතාවගෙ ඉල්ලීම මට අහක දාන්න බෑ. මං හැමදාම ජනතාවගෙ ඉල්ලීමට ගරු කරනව. මං මේ ගන්නෙ පොඩි විවේකයක්. මං විශ‍්‍රාම ගියේ නෑ.  

ඕන කෙනෙකුට තේරෙනවනෙ මං මේ මොකක්ද කියන්නෙ කියල’
ඉදිරි මැතිවරණය සඳහා අගමැති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වන  ඕනෑම පක්‍ෂයකින් මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පල කිරීමටත්, පොලොන්නරුවේ ජන රැළියක් පැවැත්වීමටත් යෝජනා සම්මත විය.

No comments:

Post a Comment

Post Bottom Ad