මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය හෙට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිතය.
එය පිලිමළුන් පිටුදැකීම නැතහොත් පරාජිතයා තරගෙන් ඉවත්වීමේ පීඩනය යටතේ තරග වදින්නට සිදුවන ක්‍රිකට් තරගයකි.
මේ ක්‍රමය යටතේ කිසිදු තරගයක් ජයගෙන නොමැති දකුණු අප්‍රිකාව දීර්ඝ කාලීන මානසික පීඩනයක පසුවන බව ක්‍රිකට් විචාරකයින්ගේ අදහසයි.
ඔවුන් 1992 වසරේ පළමු වරට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වීමේ සිට මේ දක්වා පිළිමලුන් පිටුදැකීමේ (නොකවුට්) ක්‍රමය යටතේ කිසිදු තරගයක් ජයග්‍රහණය කර නොමැත.
1992 - අර්ධ අවසන් පූර්ව තරගයෙන් එංගලන්තයට පරාජය විය.
1996 - අර්ධ අවසන් පූර්ව තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට පරාජය විය.
1999 - අර්ධ අවසන් වටයේදී ඔස්ට්‍රේලියාවට පරාජය විය.
2003 - පළමු වටයෙන් ම ශ්‍රී ලංකාවට පරාජය විය.
2007 - අර්ධ අවසන් වටයේදී ඔස්ට්‍රේලියාවට පරාජය විය.
2011 - අර්ධ අවසන් පූර්ව වටයේදී නවසීලන්තයට පරාජය විය.
නමුත් දකුණු අප්‍රිකා ක්‍රික්‍ට් නායක ඊ ඩි’විලියර්ස් මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා කියා ඇත්තේ, අතීතයේ පරාජයවීම් පිළිබඳ මතකය මෙවර තරගාවලියේදී බාධාවක් කර නොගන්නා බවකි.
Tuesday, March 17, 2015
දකුණු අප්‍රිකාව ලෝක කුසලාන මැච්වල නොකවුට් මැච් එකක්වත් දිනල නෑලු
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment