මහින්ද නැතිව ගමට යන්න බෑ.. මහලේකම් ඉදිරිපිට ඇතුගල්පුර හඬ නැංවේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 1, 2015

මහින්ද නැතිව ගමට යන්න බෑ.. මහලේකම් ඉදිරිපිට ඇතුගල්පුර හඬ නැංවේ..

ශ‍්‍රීලනිප මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා විසින් කටුගම්පොල සිය ආසනයේදී කුරුණෑගල දිස්ත‍්‍රික් ආසන හයක පළාත් සභා සහ පළාත් පලාන ආයතන නියෝජනය කරන මහජන නියෝජිතයන් සමඟ සුහද සාකච්චාවක් පැවැත්වී තිබේ. 

මේ සඳහා එස්.බී. නාවින්න, සාලින්ද දිනායක යන මහත්වරුන්ද සහභාගී වී ඇත. එහිදී අති බහුතරයක් මහජන නියෝජිතයක් අවධාරණය කර ඇත්තේ එළැඹෙන මහ මැතිවරණයේ අගමැති අපේක්‍ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නම් කල යුතු බවත් එසේ නොකලහොත් තම ගම්බිම්වල ජනතාවගෙන් ඡුන්දය ඉල්ලීමක් ගැන නොසිතන ලෙසත්ය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් උත්සාහ කරන්නේ එජාපය රවටන්නද එසේ නැතහොත් ශ‍්‍රිලනිපය රවටන්නදැයිද ඔවුන් ප‍්‍රශ්න කර ඇත.

සාලින්ද දිසානායක මහතාද එම අදහස් අනුමත කරමින් කතා කර ඇති අතර එස්.බී. නාවින්න මහතා පවසා ඇත්තේ මෙම යෝජනාව ඉහලට දන්වන බවයි. මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා මධ්‍යස්ථ ස්ථාවරයක සිට අදහස් පල කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad