‘19 වන සංශෝධය විකාරයක්’ අපි විරුද්දයි.. හෙළ උරුමය මහ පාරේ විරෝධතා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 20, 2015

‘19 වන සංශෝධය විකාරයක්’ අපි විරුද්දයි.. හෙළ උරුමය මහ පාරේ විරෝධතා..

යෝජිත 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් විධායක අගමැතිවරයකු බිහිවන බව පවසන ජාතික හෙළ උරුමය ඊට විරෝධය පළ කරමින් විරෝධතාවයක නිරක විය.

කොළඹ නව නගර ශාලාව ඉදිරිපිට දී පැවති මෙම විරෝධතාවයේදී පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදුව ඇති වංචා හා දූෂණ වලට වරදකරුවන් වූ පුද්ගලයන්ට දඩුවම් දෙන ලෙසත් අල්ලස් හෝ දූෂණ කොමිසමේ සභාපතිවරයාට ඉල්ලා අස්වෙන ලෙසත් බලකලහ.

මේ අතර කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ජාතික හෙළ උරුමයේ සභාපති අතුරලියේ රතන හිමියෝ කියා සිටියේ ආණ්ඩුව ප‍්‍රසිද්ධියට පත්කොට තිබෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට එකගවිය නොහැකි බවයි.

ඉතා අවිධිමත් ලෙස එම පනත් කෙටුම්පත සකස්කර ඇති බවත් එය පරස්පර ලියැවිල්ලක් බවත් කී එහිමියෝ එහි අඩංගු මූලික  සංකල්පවලවත් ඒකමතිකභාවයක් නැතැයිද කියා සිටියහ.

එම ඵක්‍ෂ මහ ලේකම් ඇමති චම්පික රණවකද කියා සිටියේ 19 වැනි සංශෝධනය ගැසට් කර ඇත්තේ පක්ෂ නායක අදහස් සැලකිල්ලට නොගැනීමෙන් බවත් ඊට එරෙහිවන බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad