අපිට ඕනෑ පරදින හැටි කියන වැඩමුළු නොව දිනන හැටි කියන වැඩමුළු.. – වෙල්ගම ශ‍්‍රිලනිප වැඩමුළුවෙන් නැගිට යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 28, 2015

අපිට ඕනෑ පරදින හැටි කියන වැඩමුළු නොව දිනන හැටි කියන වැඩමුළු.. – වෙල්ගම ශ‍්‍රිලනිප වැඩමුළුවෙන් නැගිට යයි

දැන් අවශ්‍ය වන්නේ ශ‍්‍රිලනිපය පරදින ක‍්‍රමය ගැන උගන්වන වැඩමුලූ නොව පරදින පක්‍ෂය දිනවන ක‍්‍රමයක් ගැන වැඩමුළු යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමර වෙල්ගම මහතා පවසා තිබේ. 

ඔහු මෙසේ පවසා ඇත්තේ පසුගියදා කටුනායකදී පැවති ශ‍්‍රිලනිප මන්ත‍්‍රිරුන් සඳහා වූ වැඩමුළුව්දීය.මලිත් ජයතිලක විසින් ඉදිරි මැතිවරණයේදී ශ‍්‍රිලනිපය පරාජය වන බවත් ජාතික ආන්ඩුවකට ගොස් එම තත්වය වලක්වා ගත හැකි බවත් සංඛ්‍යාත්මකව විග‍්‍රහ කරද්දී වෙල්ගම නැගී සිටියේය.

‘දැන් අපිට මෙතෙන්ට එන්න කිවුනේ පරදිනවා කියලා කියන්නද? පරදින විදිහ අපිට කියන්න එපා. දිනන විදිහ අපිට කියන්න. මම රටේ තත්වය දන්නවා. මේ වගේ තත්වයක් තියනවා නම් දිනන විදිහ පැහැදිලි කරන්න. අපි පරදිනවා කියන වැඩමුළුවක ඉන්න මම සූදානම් නෑ. 

විපක්‍ෂය දිනවන හැටි කතා කරනවානම් අපි ඉන්නම්. අනෙක අපේ පක්‍ෂයේ නොවන අයගේ නියෝග වලට යටත් වෙන්න අපි සූදානම් නෑ’ යයිද මහත් හඬින් කියූ වෙල්ගම යන්න ගියේය.

මතුගම ප‍්‍රදේශයේ පාරම්මපරික ධනවතෙක් වන කුමාර වෙල්ගම මහතා ඉතා නිරහංකාර සරල චරිතයක් බව ප‍්‍රකටය. ඇමති ධුරය දරද්දී මෙන්ම නොදරත්දීත් ඒ මහතා සැහැල්ලූ සරමකින් කමිසයකින් සැරසී කිසිදු ආරක්‍ෂකයෙකු නැතිව මතුගම නරගයේ සාමාන්‍ය කඩයකට ගොඩවී තේ කෝප්පයක් රස විඳ යාම ප‍්‍රදේශවාසීන්ට සාමාන්‍ය දෙයකි.

No comments:

Post a Comment

Post Bottom Ad