රනිල්ට ‘පිං අගමැති’ වෙන්න දුන්නේ දින 100ට විතරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 28, 2015

රනිල්ට ‘පිං අගමැති’ වෙන්න දුන්නේ දින 100ට විතරයි..

රනිල් වික‍්‍රමසිංහට පිං අගමැති වෙන්න දුන්නේ දින 100කට පමණක් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

සති අන්ත පුවත් පතක් හා සාක්ච්චාවකට එක්වෙමින් ඔහු මෙසේ අදහස් පල කරයි.

‘දින 100 වැඩසටහන ක‍්‍රියාත්මක වෙන්න  ඕනෙ ඒ කියන හැටියට. වික‍්‍රමසිංහ මහත්තයට ඒකෙ වාටිය කෑල්ල විතරක් අරන් යන්න බෑ. පාර්ලිමේන්තුවෙ මන්ත‍්‍රිවරු 48ක් තියාගෙන ‘පිනා අගමැති’ වෙන්න අපි ඉඩ දුන්නේ දින 100 වැඩසටහනට සහයෝගය දෙන්න  ඕන නිසා. 

එහෙම ‘පිං අගමැති’ වෙලා ඉන්න එතුමා මේ විධායක ක‍්‍රමය අහෝසි කරනවත් එක්කම මැතිවරණ ක‍්‍රමයත් වෙනස් කරන්න  ඕනෑ. එහෙම නැතිව ශ‍්‍රිලනිප සහයෝගය එතුමට ලැබෙන එකක් නෑ’

No comments:

Post a Comment

Post Bottom Ad